Madagascar-Escape 2 Africa (2008)


මම මේ කියන්න යන්නේ ඇති වෙනකම් හිනා වෙන්න පුලුවන් කාටුන් එකක් ගැන..මැඩගස්කර් 1 බැලුව අය නම් මේක බලල ඇති බොහෝ වෙලාවට..කොහොම උනත් මේක එළම එළ ෆිල්ම් එකක් නිසා කියන්න හිතුව..මේ මැඩගස්කර් 2,මම නම් හිතන්නෙ මුලින්ම පළවෙනි එක බලල හිටිය නම් හොදයි කියල..කොහොම උනත් කමක් නෑ..මුලින් මේක බැලුවත් රසයේ අඩුවක් වෙන එකක් නෑ…ඔන්න අහගන්න,මෙන්න මේකයි කථාව..ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්..මේ ටික වෙන්නෙ පළමු කතාවෙ,මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික..ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කදුලු පිරෙයි,දුකට නෙවෙයි,හිනා වෙලාම..හික් හික් ) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉදලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොම්ද කියල..කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට..මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන..කොහොම හරි මෙහේ ජීවිතයට මෙ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි..කාටුන් නිසා බලන්න කම්මැලෙයි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො..හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න..හික් හික්..

~~බාන්න ඕන නම් මෙතන කොටන්න~~

11 Responses to Madagascar-Escape 2 Africa (2008)

  1. දිසා පවසයි:

    මම මෙක බැලුවා නියමයි ඇත්ත හිනාවෙන්න පුලුවන් නියමට මාරු වැඩ දාන ආච්චි කෙනෙක් ඉන්නවා

  2. Supun Budhajeewa පවසයි:

    ගින්‍දර වගේ ෆිල්ම් පොඩ්ඩ.. මම නං Madagascar 1 බලල නෑ.. හැබැයි එහෙමයි කියල චාටර් එකක් නෑ..

    මැස්සා ! 😛

  3. පොතේ ගුරා පවසයි:

    @ දිසා..හික් හික් ඔව් බන්..පට්ට ආච්චි පාර!!

    @ සුපුන්! ඒක නම් ලෝක අප‍රාදයක් බන්..බලපන් 1ස්ට් එකත්..මැස්සම තමයි..

  4. උන්මත්තක පවසයි:

    මේ බ්ලොග් එක නිසා හොඳ ෆිල්ම් search කර කර ඉන්න ඕනේ නෑ. ටක් ගාලා ඕන ජාතියක එකක් හොයාගන්න පුලුවන්. පොතේ ගුරෝ මේ වැඩේ ලේසිවෙන්න දකුනු පැත්තට label අයිටම් එකක් දැම්මොත් හොඳ නැද්ද?

  5. පොතේ ගුරා පවසයි:

    @උන්මන්තක! එළ මචෝ මම දාන්නම්..

  6. උන්මත්තක පවසයි:

    පොතේ ගුරෝ,පොතේ ගුරා නම උඹට හරියන්නේ නෑ බං. ෆිල්ම් ගුරා කියන එක ගැලපෙනවා වගේ 🙂

  7. පොතේ ගුරා පවසයි:

    @උන්මන්තක!හික් හික්..කෝලන් මඩු වල පොතේ ගුරා වගේ එකක් මතක් වෙලා තමයි මේ නම දාගත්තේ බන්..ඔන්න උබේ අදහස ක්‍රියාත්මක කළා…

  8. -බිன்ku- පවසයි:

    මචෝ මෙක නම් එලම තමා, මම මෙකේ එකක් එකෙක බැලුවේ. ඒ හින්දා ගින්දර වගේ තමා. පලවෙනි එකත් එළ.

    මචෝ ‘එළ’ ‘බලන්න ඔනේ’ ‘හ්ම්ම්’ එකට තව එව්වා දැම්මා නම්?

  9. පොතේ ගුරා පවසයි:

    @-බිன்ku! ඔව් මචෝ ඊයේ තව ඒව ටිකක් දැම්ම..ආයෙ තව ටැග් ටිකක් දාන්නම් මම..බොහොම ස්තුතියි මචන් අදහසට..

  10. BEAUTIFUL SRI LANKA පවසයි:

    මම් මේක බෑව, තවම බලන්න බැරි උනා

  11. Uraj Deemantha පවසයි:

    ඔන්න මම කලින් කිවුවා වගේම බලලා ඉවර වෙලා කොමෙන්ට් කලා……….!! පට්ට ෆිල්ම් එකක්………!! අර ආච්චි දැක්කහම මට මගේ ගාල්ලේ ආච්චි මතක් උනා………!!හික්ස්……..!! 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න