Next (2007)

අප්‍රේල් 4, 2009


හ්ම්ම්ම්..මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්..ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද?එළ නෙ?මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව..ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ නිකලස් කේජ්..ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව..දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව..ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව..ඒ අනුව ඔවුන් මොහුව ලුහුබදිනව..නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ)කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව..ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි?පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි?අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසදෙයිද?ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති…

මෙන්න ලින්ක් එක!

The Pink Panther (2006)

අප්‍රේල් 4, 2009


ඔන්න තවත් එළ කොමඩියක්..මට මේ ගැන කියන්න මතක් උනේ පින්ක් පැන්තර් 2 ආව බව ආරංචි උන නිසා..පින්ක් පැන්තර් 2 වල නම් ඓශ්වර්යා රායිත් ඉන්නවලු..කොහොම උනත් 2 බලන්න කලින් 1 බලල ඉන්න එපයි..එකයි මේ ගැන කියන්නෙ..කතාව නම් බොහොම සරළයි..ක්‍රීඩා තරගයකදි වැදගත් පුද්ගලයෙකු අතේ පැලදගෙන සිටි පින්ක් පැන්තර් නැමති විශාල මැණිකක් අතුරුදහන් වෙනව..මේක සෙවීමට ඉහළ නිළයක සිටින පොලිස් නිලධාරියෙක් ගම්බද පොලිසියකින් කෙනෙක් ගෙන්වාගන්නව..ඒ ඔහු දක්ෂයෙක් නිසා නම් නෙවෙයි..ඔයාලට කතාව බලනකොට තේරෙයි ඔහුව ගෙන්වාගන්න එකේ අරමුණ..මේ ගම්බද පොලිස්කාරයා වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ,ඔහු අමුතු අමුතු ක්‍රම තමයි අනුගමනය කරන්නෙ රහස් හොයාගන්න..මිස්ටර් බීන් වගේ චරිතයක්..මේක හරිම ලස්සන ෆිල්ම් එකක්..කොමඩියක් හැටියට සාර්ථකයි..හොදට හිනා යනව බලනකොට..කාලෙකින් හොදට හිනා වුනේ නැත්නම් බලන්න පින්ක් පැන්තර්…

මේක බලල හිනා වෙන්න ඕන නම් මෙතන කොටන්න!

Snake Eyes (1998)

මාර්තු 31, 2009


මම මේක බැලුවෙ මේ බ්ලොග් එකේම අපේ යාලුවෙක් දාපු කමෙන්ට් එකක් අනුව..කොහොම උනත් බැලුවට නම් පාඩුවක් උනේ නෑ මොකද ෆිල්ම් එක හොද නිසා..මේක ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් ෆයිට් එහෙම නම් නෑ බරපතල විදියට..මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් විදියට..එක්තරා බොක්සින් තරගයක් නැරඹීමට පැමිණි ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාට නාදුනන තුවක්කුකරුවෙක් වෙඩි තියනව..මේ සිද්දිය වටා තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ..මෙහි ප්‍රදාන චරිතය රගපාන නිකලස් කේජ් පොලිස් නිලධාරියෙක් ..සල්ලි වලට කෑදර උනත් හොද හිතක් තියන චරිතයක් (ඔහුගේන් වෙනස්ම විදියේ රංගනයක් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්..)..කොහොම නමුත් ඔහු මේ සිද්දිය පිටුපස හඹායද්දි ඔහුට ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැසක් මෙන්ම ඔහුව මවිත කරන තොරතුරු ගොඩක් අනාවරණය වෙනව..මීට වඩා මේ කතාව ගැන කියන්න අමාරුයි,මොකද කතාවෙ අගය අඩු වෙන්න පුලුවන් ඒකෙන්..කොහොම උනත් බාගෙන බලන්න..පරණ වුනත් හොද කතාවක්…

බානව නම් මෙන්න ලින්ක් එක..
(දැනට නම් සීඩ්ස් තියෙනව පස්සෙ අඩු වෙයිද ෂුවර් නෑ)

Bangkok Dangerous (2008)

මාර්තු 31, 2009


මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ… 😀 මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා…ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

බාලම බලන්නකො..මෙන්න ලින්ක් එක!

~Thick as Thieves (2009)~

මාර්තු 24, 2009


මේක නම් මම දැන් බැලුවෙ…නියම ෆිල්ම් එකක්..මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල..මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට..ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට..ආහ්..මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල..ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන පාරටත් හදන්න තරම් හොද කතාවක් කියල…..හ්ම්ම්ම්…මම කතාවෙන් ටිකක් කියන්නම්..ඒ උනාට මේ ටිකෙන් ෆිල්ම් එක ගැන නිගමනයකට එලඹෙන්න එපා..මොකද අන්තිම ටික සම්පූර්ණ වෙනස්..එක් සාමන්‍ය හොරෙකුට විශේෂ දක්ෂකම් තියෙන හොරෙකුගෙන් ගුරුහරුකම් ලැබෙනව හොරකම් කිරීම ගැන..මේ අතර අර සාමන්‍ය හොරා ආදරයෙන් බැදෙනව අනික් හොරාට ඥාති සම්බන්දකමක් ඇති තරුණියක් සමග….පස්සෙ මේ දෙන්න එකතු වෙලා කවුතුකාගාරයක් බිදිනව වෙන කෙනෙකුගේ ඇණවුමක් මත..වැඩේ ඉවරවෙන මොහොතේ සාමන්‍ය හොරා අමුතු කතාවක් හෙලි කරනව.ඔන්න මෙතන ඉදන් අපි බලාගෙන ආව කථාව වෙනස් වෙනව..දෙන්නට දෙන්නා රවට්ටගන්න එක තමඉ ඉදිරියට අපිට බලන්න වෙන්නෙ..මේක බොහොම දක්ෂ ලෙස සිනමාපටයට නගා තියනව..කොහොම උනත් මම නම් මේක හොද ෆිල්ම් එකක් කියල හදුන්වනව..ඔයාලත් බලලම තීරණය කරන්නකො මා එක්ක එකග වෙන්න පුලුවන්ද කියල…

**බාන්න ඕන නම් මෙතන කොටන්න**

Taken (2008)

මාර්තු 22, 2009


ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්..මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ..මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට..මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්,ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි..ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා..ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව..ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව..කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි..කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි..ඔයාල බලලම කියන්න මම හරිද කියල???

**බාන්න ඕන නම් මෙතන කොටන්න**

~ Pride and Glory (2008) ~

මාර්තු 19, 2009

හ්ම්ම්ම්…කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ…අප්පා….කොහොම කියන්නද මේක ගැන..හ්ම්ම්ම්…බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න…මෙහෙමයි..මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක්,කතාව නම් කියන්න යන්නේ නෑ මම..ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්…පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව..මේ ගැන හොයන්න එක් නිලධාරියෙක්ට බාර වෙනව( අපිට නම් පෙන්නනව මුල ඉදලම කවුද මේ අපරාධකාරය කියල..,ඒ නිසා මේක අභිරහස් කතාවක් කියන්න නම් බෑ ) කොහොම උනත් මේ නිළධාරියා අපරාධකාරය අල්ලන එක තමයි ප්‍රධාන සිද්දිය..මේ කතාවෙ ප්‍රධාන චරිත සියල්ලම වගේ නෑකම් වලින් බැදිල තියන නිසා කතාව ඒ අතින් නම් සංකීර්ණයි,මොකද තීරණයක් ගන්නකොට නෑකම ගැනත් හිතන්න වෙනව මේ නිලධාරියාට…විශිෂ්ට ෆිල්ම් එකක් කියන්න නම් බෑ..ඒ උනාට බැලුවට කමක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ ( මට නම් චුට්ටක් කම්මැලි හිතුනත් එක්ක! ඇත්තටම මටත් හිතා ගන්න අමාරුයි එහෙම කියන එක හරිද කියල)..ඔයාලම කල්පනා කරල බලන්න..

**බාන්න ඕන නම් මෙතන කොටන්න**

Behind Enemy Lines Colombia[2009]

මාර්තු 10, 2009


මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්..ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ,අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්..ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න..අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්..කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. 🙂