Get smart’s Bruce And Lloyd Out Of Control (2008) |ඔබත් ස්මාට් ද?

මැයි 21, 2009

tforg-get-smart-s-bruce-lloyd-out-control-freeමම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික අංශයෙන් වැඩ දාපු මහත පොරයි ජපන් පොරයි?ඒ දෙන්න තමයි මේකෙ ඉන්නෙ..මේ දෙන්න පිස්සු වැඩ කරමින් ඉන්නව..මේ අතරතුර දවසක් මූලස්ථානයෙ වෙන අනපේක්ෂිත සිද්දියක් නිසා මේ දන්නට බාර වෙනව වැදගත් රාජකාරියක් ඉටු කරන්න..හැමතැනදිම අනාගත්තත් හිනා යන විදියට වැඩේ කරනව මේ දෙන්න අන්තිමට..පළමු චිත්‍රපටය තරම් හිනා යන්නෙ නැති උනත් ෆිල්ම් එක හොදයි..කෝකටත් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගමු!


The Usual Suspects (1995) | බලනව නම් මේන්න බඩු!

මැයි 17, 2009

the_usual_suspects_dvdමේ කියන්න යන කතාව ඇත්තටම පැටලිලි සහගත ඒ වගෙම ගොඩක් ලස්සන එකක්..මම හිතන්නෙ මේ ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මෙහෙම කතා තියෙන ෆිල්ම් එන්න ගත්තෙ..ලොව හොදම ෆිල්ම් අත‍රෙන් 22 වන ස්ථානයේ තියෙන මේ ෆිල්ම් එක ඕනම කෙනෙක් බැලිය යුතු ෆිල්ම් එකක්..ඔයාලට මේකෙ කතාව කියන්න මට ආයෙ මේ ෆිල්ම් එකේ මුල් ටික බලන්න උනා..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්ත‍රා නැවක මිනී මැරුම් ගනනාවක් වෙනව..අන්තිමට ඒ නැවත් ගිනි ගන්නව..මේ සිද්දිය මුල් ක‍රගෙන තමයි කතාව පටන් ගන්නෙ..ඇත්තටම පිළිවෙලට ලියන්නත් අමාරුයි..දැන් මීට මාස 6කට කලින් වුන සිද්දියක් කියන්න යන්නෙ..එක්ත‍රා තුවක්කු පිරවූ ලොරියක් පැහැරගැනීමකට සැකපිට පුද්ගලයන් 5ක් අතඩංගුවට ගන්නව..මොවුන් එකිනෙකාව අදුරන්නෙ නෑ..මේ අය සිරගෙද‍රදි අදුරගන්න අත‍ර පසුව එකට වැඩ ක‍රන්න ගන්නව..දැන් ආයෙත් වර්ථමානයේ..මේ සිද්දිය කියන්නෙ මේ පුද්ගලයන් 5 දෙනාගෙන් එක්කෙනෙක්,ඉතුරු 4 දෙනාම මියගිහින්,ඔවුන්ගේ මිනී තියෙනව අර මම මුලින්ම කිව්ව නැවේ..මේ ඉතුරු වුන පුද්ගලයාගෙ කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ ෆිල්ම් එකේ..ආහ්..ඔවු මම දන්නව විස්ත‍රේ නම් බ‍රපතල විදියට පැටලිලි සහගතයි කියල..ඇත්තටම කතාවත් ටිකක් එහෙමයි..ක‍්රියාදාම,අභිරහස්,අප‍රාධ ආදිය අඩංගු චිත‍්රපට බලන්න ආස හැමෝම බැලිය යුතු චිත‍්රපටයක්..

ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 22ක් දිනාගත් මෙම

චිත‍්රපටය මෙන්න මෙතනින් බාගන්න!


Get Smart (2008) | සෙල්ලම් පෙන්නනවා!!

මැයි 16, 2009

get-smart-one-sheetමේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්නත් පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන..ඒ වගේම ගොඩක් ජනප‍්රිය වුන චිත‍්රපටයක්…මම මේකෙ කතාව කොහොම්ද කියල කියන්නම්..බලනවද නැද්ද කියල ඔයාල තීරණය ක‍රන්න..එක්ත‍රා පුද්ගලයෙක් ඉන්නව රහස් ප‍රීක්ෂකයෙක් ලෙස වැඩ ක‍රන..නමුත් ඔහු අවුරුදු ගානක සිට උත්සාහ කළත් වගකිව යුතු වැඩක් ඔහුට බාර වෙන්නෙ නෑ..දවසක් ඔවුන්ගේ මූලස්ථානයේ වෙන සිද්දියක් නිසා මොහුට බොහොම බ‍රපතල රාජකාරියක් පැව‍රෙනව,හැම තැනදීම වැඩේ අනාගත්තත් ඔහු අන්තිමට දක්ෂයෙක් බව ඔප්පු වෙනව..මිස්ටර් බීන් ගෙ Johnny English චිත‍්රපටයට සමානකම් තියෙනව මුල් ටික..ඒ උනාට කතාව සම්පූර්ණයෙන් වෙනස්..හ‍රිම රසවත්..හොදට හිනා වෙන්නත් පුලුවන්..ඒ වගේම ක‍්රියාදාම වලින්ත් අඩුවක් නෑ..ඒ නිසා කොමඩි වගේම ඇක්ශන් ෆිල්ම් බලන්න ආස අය බලන්න මේක..ලින්ක් එක පහළ ඇති..මේකෙ දෙවනි කොටසකුත් තියෙනව,ඒක මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්..ඒකත් මම ඉක්මනට දෙන්නම්.. 🙂 (මේ ලිපියෙ අකුරු ගොඩක් අවුල් එක සමාවෙන්න..අද Real time unicode converter එක වැඩ ක‍්රන්නෙ නෑ)

මෙන්න මෙතනින් බාගමු! 🙂


Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

මැයි 13, 2009

farcry1මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව පටන් ගන්නෙ..මම ඉහත කී සිද්දිය හමුදා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක්..මේ දූපතේ සිදුවන හමුදා අත්හදාබැලීම් ගැන දැනගන්න ලැබුන පත්තර වාර්ථාකාරියක් මේ ගැන හොයන්න බොට්ටුවකින් දූපතට යනව..එහිදි ඇයව අහුවෙනව..ඇය පැමිණි බොට්ටුවෙ රියදුරාටත් මේ දූපතට එන්න වෙනව..මේ දෙන්නත් හමුදාවේ නවතම නිර්මාණයත් අතර තමයි කතාව ගෙඩනැගිල තියෙන්නෙ.. Universal Soldier (1992) චිත්‍රපටයෙත් ළගදි ආව තවත් චිත්‍රපටයකත් මේ කතාව තියෙනව..එහෙනම් බාගමු නෙ?

Blaa blaa:- ඔයාල ඉස්සර ටීවී එකේ ගිය කෝනෑන් කතා මාලාව බැලුවද?ඒකෙ ප්‍රධාන චරිතය රගපාන පොරත් ඉන්නව මේකෙ..  😀

මෙන්න මෙතනින් බාගමු!


The Pink Panther 2 | හී හී හී…හික්z…

මැයි 11, 2009

the-pink-panther-2-movie-posterThe Pink Panther 1  චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරන්චියක් දෙන්නයි මේ හදන්නෙ..මතකනෙThe Pink Panther1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල?මේකත් ඒ වගේම තමයි..හොදට හිනා යනව..ඒ වගෙම කතාවත් හොදයි..මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..ලෝකයේ වටිනාම වස්තූන් හොරකම් කරන පුද්ගලයෙක් ඉන්නව ‘ටොනේඩෝ’ (කුනාටුව ) කියල..ඔහුව අල්ලන්න රටවල් ගනනාවක් තමන්ගෙ හොදම පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හදනව..මේ කණ්ඩායමට ප්‍රංශයෙන් එකතුවෙන නිලදාරිය (කෲසෝ ) ගමන පටන් ගන්නකොටම ප්‍රංශයේ පින්ක් පැන්තර් කියන වටිනා මැණික ‘ටොනේඩෝ’ විසින් හොරකම් කරනව..මේ හොරාව අල්ලන එක තමයි කතාව..ෆිල්ම් එක නම් ඇත්තටම හොදයි..හිනා යනව කෲසෝගෙ ගොන් වැඩ වලට..ආහ්..තව වැදගත් දෙයක් තියෙනව..ඓශ්වර්යා රායිත් මේකෙ ප්‍රධාන චරිතයක් රගපානව..ඒ නිසා තවත් ලස්සනයි චිත්‍රපටය..  😉

මෙන්න මෙතනින් බාගන්න

දැන් මේ දීල තියෙන්නෙ ඩීවීඩී රිප් එකක්.. 🙂


The International (2009) | ඇත්තටම ජාත්‍යාන්තරයි!

මැයි 7, 2009

the_international_poster2මේ කියන්න යන්නෙ නමේ තියෙන හැටියටම ලොව වටාම විහිදුනු චිත්‍රපටයක් ගැන..කතාව නම් ටිකක් සංකීර්ණයි..ඒත් තේරුම් යද්දි බලන්න ආස හිතෙනව..ෆිල්ම් එක සුවිශේෂී එකක් කියන්න අමාරුයි..කතාව ගැන කෙටියෙන් කියනව නම් පටන් ගන්නෙ මෙහෙමයි..එක්තරා පුද්ගලයෙක් වාහනයක් ඇතුලෙ කතා කරමින් සිටිනව තවත් කෙනෙක් සමග..මේ පුද්ගලය වාහනෙන් බැස තත්පර කීපයක් ගතවීමටත් පෙර මැරී වැටෙනව..මේ බව ඔහුගේ යාලුව දකිනව..ඔන්න ඔතනින් තමයි සියල්ල ඇරඹෙන්නෙ..මේ මැරී වැටුන කෙනත්,ඔහුගේ යාලුවත් පොලිස් පරීක්ෂකවරුන්..මෙම මරණයත්,මුලු ලෝකය පුරාම අතුපතර විහිදුනු බැන්කුවකුත්,ඩොලර් බිලියන ගනනක අවි ගනුදෙනුවකුත් වටා තමයි මේ කතාව ගෙවෙන්නෙ..මුලු ලොවම සම්බන්ද කරගෙන සිදුවන සිදුවීම් නිසා ගොඩක් රටවල් වල රූප රාමු මෙහි අන්තර්ගතව තියෙනව..ෆිල්ම් එක හොදයි.. 🙂

මෙන්න මෙතනින් බාගන්න..

මම මේ දීල තියෙන කොපියේ video quality එක DVD rip එකක ගානටම තියෙනව..නමුත් audio quality එක ටිකක් මදි..ඒත් ෆිල්ම් එක රසවිදින්න භාදාවක් නෑ..


Hitman (2007) | බලාගෙනායි!!

මැයි 5, 2009

hitman-intl-posterමේ කියන්න යන චිත්‍රපටය බහුතරයක් දෙනා බලල ඇති..ඒත් බලල නැති අය ටික දෙනෙකුත් ඇතිනෙ..අන්න ඒ අයට වටිනා නිවුස් එකක්!මේක අතිශය ජනප්‍රිය පරිගනක ක්‍රීඩාවක් මුල් කරගෙන තැනුනු චිත්‍රපටයක්..ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් මෙකෙ ප්‍රධාන චරිතය පුදුම සංයමයකින් කටයුතු කරන පුද්ගලයෙක්..චිත්‍රපටයට හිත් ආකර්ශනය වෙන්න ඒකත් ප්‍රදාන හේතුවක්! වෙන ලිපි වලදි වගේ මම මේකෙ කතාවෙ මුල් ටික කියන්නෙ නැතුව ප්‍රධාන චරිතය ගැන විස්තරයක් කියන්නම්..මේ පුද්ගලය කුඩා කාලයේ සිටම සටනට පුරුදු කල කෙනෙක්..ඔහුට නමක් නෑ..කේත් අංකයක් පමණයි ලබා දී තියෙන්නෙ..ඒ වගෙම පැවරෙන කාර්‍යක් ඇලීම් ගැටීම් වලින් තොරව ඉටු කරන්නත් ඇසට හසු වන ඕනාම දෙයක් මතක තියාගන්නටත්,නිරන්තර සිහි බුද්ධියෙන් සිටින්නටත් ඔහුට උගන්නල තියෙනව..ඒ වගේම සැලසුම් සැකසීමටත් ඔහු දක්ශ කෙනෙක්..ඉතින් මේ තරම් පුරුදු කරපු දක්ෂ මිණීමරුවෙක් වැඩකට බැස්සම කොහොම ඇද්ද?ආහ්..කියල වැඩක් නෑ..බලන්නම ඕන නේද..?එහෙනම් ඔන්න ලින්ක් එක පහල ඇති..

මෙන්න මෙතනින් බාගමු!


Wanted (2008) | උපරිමයි!

අප්‍රේල් 27, 2009

wanted

මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..

මෙන්න මෙතනින් බාගමු!


Doomsday (2008) | භයානකයි

අප්‍රේල් 14, 2009

50965115

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි වෙනව..ඒ නිසා එකම විසදුම හැටියට ආසාදනය වූවන් වෙන් කරල සුවිශාල වානේ තාප්පයක් බදිනව..මින් මුලු බ්‍රිතාන්‍යයම දෙකට වෙන් වෙනව..මේ තාප්පයෙන් දෙපැත්තෙ කිසිම ගනුදෙනුවක් සිදුවෙන්නෙ නෑ..දැන් 2035 වර්ෂය,රෝගී පිරිස පිරින පැත්තෙන් ජීවයක් ඇති බවට කිසිම සලකුණක් නෑ..එක් දිනකදී නිරෝගී පිරිස සිටින පැත්තේ එක් පෙදෙසක මේ වයිරසය පැතිරි ඇති බව දැනගන්න ලැබෙනව නගරයේ ඉහළ නිළයන් දරණ පිරිසට..මේ අතරතුර කෙනෙක් හෙළි කරනව රෝගීන් කොටු කල පැත්තේ මිනිසුන් ජීවත් වෙන බවට චන්ද්‍රිකා චායාරූප ඇති බව..පසුව කණ්ඩායමක් යවනව ඒ පැත්තේ සිටින වයිරසයට ඔරොත්තු දෙන මිනිසුන්ගේ ලේ සාම්පලයක් ගේන්න..මේ කණ්ඩායමෙ නායිකාව වටා තමයි මෙතැන් සිට කතාව ගොඩනැගෙන්නෙ..තාප්පය එහා පැත්තෙ මිනිසුන් කොතරමි දරුණුද කියල ඔයාලට හිතාගන්නවත් අමාරු වෙයි..බලන්නකො කතාව..එළම තමයි..

මෙන්න ලින්ක් එක!

Shooter (2007)

අප්‍රේල් 7, 2009


මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට…මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:-I’m supposed to be dead
been a long night

Y:-why aren’t u?

X:-Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!

මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල…ලින්ක් එක පහළ ඇති..

මෙන්න ලින්ක් එක!!