The Pink Panther 2 | හී හී හී…හික්z…

මැයි 11, 2009

the-pink-panther-2-movie-posterThe Pink Panther 1  චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරන්චියක් දෙන්නයි මේ හදන්නෙ..මතකනෙThe Pink Panther1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල?මේකත් ඒ වගේම තමයි..හොදට හිනා යනව..ඒ වගෙම කතාවත් හොදයි..මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..ලෝකයේ වටිනාම වස්තූන් හොරකම් කරන පුද්ගලයෙක් ඉන්නව ‘ටොනේඩෝ’ (කුනාටුව ) කියල..ඔහුව අල්ලන්න රටවල් ගනනාවක් තමන්ගෙ හොදම පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හදනව..මේ කණ්ඩායමට ප්‍රංශයෙන් එකතුවෙන නිලදාරිය (කෲසෝ ) ගමන පටන් ගන්නකොටම ප්‍රංශයේ පින්ක් පැන්තර් කියන වටිනා මැණික ‘ටොනේඩෝ’ විසින් හොරකම් කරනව..මේ හොරාව අල්ලන එක තමයි කතාව..ෆිල්ම් එක නම් ඇත්තටම හොදයි..හිනා යනව කෲසෝගෙ ගොන් වැඩ වලට..ආහ්..තව වැදගත් දෙයක් තියෙනව..ඓශ්වර්යා රායිත් මේකෙ ප්‍රධාන චරිතයක් රගපානව..ඒ නිසා තවත් ලස්සනයි චිත්‍රපටය..  😉

මෙන්න මෙතනින් බාගන්න

දැන් මේ දීල තියෙන්නෙ ඩීවීඩී රිප් එකක්.. 🙂


Push (2009) | තල්ලු කරපාං..!

මැයි 10, 2009

push2_largeඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් ඉපදෙනව..සමහරුන්ට අනාගතය දකින්න පුලුවන්,සමහරුන්ට අල්ලන්නෙ නැතුව යම් යම් දේ එහා මෙහා චලනය කරන්න පුලුවන්,සමහරුන්ට අතීතය කියන්න පුලුවන්..ඒ වගෙම ටික දෙකෙන්ට තවත් විදේශ දේවල් කරනත් පුලුවන්” මේ ඒ අයගේ කතාවයි..හ්ම්ම්ම්…දැන් කතාවෙ කට්ටිය ගැන අවබෝධයක් තියෙනවනෙ (චරිත වල නම් Heroes ටෙලිනාට්‍ය මාලාවට සමානකම් තියෙනව..නමුත් කතාව වෙනස්..)..කතාව ගැනත් කිව්වොත් මේ විෂේශ අය අරගෙන පරීක්ෂන කරන/මරණ කණ්ඩායමක් ඉන්නව ‘ඩිවිෂන්’කියල..ඔවුන්ත් මේ අයත් අතර කතාවයි මෙහි දැක්වෙන්නෙ..වෙනසකටත් එක්ක හොද කතාවක්..එහෙනම් ඔන්න බාගන්න..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගන්න

(මේ දීල තියෙන කොපි එකේ පහළ පොඩි කොටසක් බොද කරල තියෙනව..බොහෝ දුරට ඒ වෙනත් බාශාවක උපසිරැස තිබු ස්ථානය වෙන්නැති,ෆිල්ම් එක බලන්න ඒකෙන් කරදරයක් නෑ )


Forrest Gump (1994) | වාසනාවන්තයෝ බලන්න!

මැයි 8, 2009

forrest-gump-posterඅද වැදගත් දවසක් නිසා වැදගත් ලස්සන ෆිල්ම් එකක් ගැන කියන්න හිතුන..මුලින්ම කියන්න ඕන මම මේක බෑවෙ චමිතගේ සිහින කොදෙව්වෙ තිබුන ලිපියක් දැකල..ඇත්තමයි මේ ගැන වර්ණනා කරන්න වචන මදි මට..මානසික වර්ධනය අඩු පුද්ගලයෙකුගේ ඇසින් බොහොම සරළ විදියට ලෝකය දකින හැටි තමයි මේකෙන් දක්වන්නෙ..මේ චරිතයේ සුවිශේෂී ලක්ෂන ගොඩක් තියෙනව..ඔහු දෙයක් කරන්න ගියොත් ඒක උපරිමෙන් කරනව වෙන කිසි දෙයක් ගැන හිතන් නැතුව..ඒ වගේම යම් පමණක වාසනාවකුත් ඔහුට තියෙනව..මම දැන් කතාවෙන් ටිකක් කියන්නම්..එක්තරා ළමයෙක් ඉන්නව කකුල් වල ආභාද සහිත,ඒ වගේම මේ ළමයගෙ බුද්ධි වර්ධනයත් අඩුයි පොඩි කාලෙ..කොහොම හරි මේ ළමයට කුඩා කාලයේම හොද යෙහිලියක් හම්බෙනව..ඇයත් එක්කම ඔහුත් උසමහත් වෙනව..ඔහුගේ ජීවිතය ගෙවෙන අයුරු තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..පුදුම සංවේදි කතාවක්..බලන්න පටන් ගත්තම එක මොහොතකට වත් කතාවෙන් බාහිර දේවල් හිතට එන්නෙ නෑ..ඇත්තටම මෙහෙම පොඩි ලිපියකින් මේ කතාව බලනකොට අපේ හිත වැඩ කරන හැටි ගැන ලියන්න බෑ..ඒ නිසා කතාව බලන්න කියලමයි මම කියන්නෙ..ඇත්තටම පුදුම ලස්සන කතාවක්!

හ්ම්ම්..මේ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න හිතුනෙ නැද්ද?කමක් නෑ..මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 6ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 38ක ට නිර්දේෂ වී 32ක් දිනාගෙන තියෙනව..ඒ වගේම IMDB වර්ගීකර්ණය අනුව ලොව හොදම/ජනප්‍රියම චිත්‍රපට අතුරින් 42වන ස්ථානයෙයි මේක තියෙන්නෙ..

මෙන්න මෙතනින් බාගමු!


The International (2009) | ඇත්තටම ජාත්‍යාන්තරයි!

මැයි 7, 2009

the_international_poster2මේ කියන්න යන්නෙ නමේ තියෙන හැටියටම ලොව වටාම විහිදුනු චිත්‍රපටයක් ගැන..කතාව නම් ටිකක් සංකීර්ණයි..ඒත් තේරුම් යද්දි බලන්න ආස හිතෙනව..ෆිල්ම් එක සුවිශේෂී එකක් කියන්න අමාරුයි..කතාව ගැන කෙටියෙන් කියනව නම් පටන් ගන්නෙ මෙහෙමයි..එක්තරා පුද්ගලයෙක් වාහනයක් ඇතුලෙ කතා කරමින් සිටිනව තවත් කෙනෙක් සමග..මේ පුද්ගලය වාහනෙන් බැස තත්පර කීපයක් ගතවීමටත් පෙර මැරී වැටෙනව..මේ බව ඔහුගේ යාලුව දකිනව..ඔන්න ඔතනින් තමයි සියල්ල ඇරඹෙන්නෙ..මේ මැරී වැටුන කෙනත්,ඔහුගේ යාලුවත් පොලිස් පරීක්ෂකවරුන්..මෙම මරණයත්,මුලු ලෝකය පුරාම අතුපතර විහිදුනු බැන්කුවකුත්,ඩොලර් බිලියන ගනනක අවි ගනුදෙනුවකුත් වටා තමයි මේ කතාව ගෙවෙන්නෙ..මුලු ලොවම සම්බන්ද කරගෙන සිදුවන සිදුවීම් නිසා ගොඩක් රටවල් වල රූප රාමු මෙහි අන්තර්ගතව තියෙනව..ෆිල්ම් එක හොදයි.. 🙂

මෙන්න මෙතනින් බාගන්න..

මම මේ දීල තියෙන කොපියේ video quality එක DVD rip එකක ගානටම තියෙනව..නමුත් audio quality එක ටිකක් මදි..ඒත් ෆිල්ම් එක රසවිදින්න භාදාවක් නෑ..


Hitman (2007) | බලාගෙනායි!!

මැයි 5, 2009

hitman-intl-posterමේ කියන්න යන චිත්‍රපටය බහුතරයක් දෙනා බලල ඇති..ඒත් බලල නැති අය ටික දෙනෙකුත් ඇතිනෙ..අන්න ඒ අයට වටිනා නිවුස් එකක්!මේක අතිශය ජනප්‍රිය පරිගනක ක්‍රීඩාවක් මුල් කරගෙන තැනුනු චිත්‍රපටයක්..ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් මෙකෙ ප්‍රධාන චරිතය පුදුම සංයමයකින් කටයුතු කරන පුද්ගලයෙක්..චිත්‍රපටයට හිත් ආකර්ශනය වෙන්න ඒකත් ප්‍රදාන හේතුවක්! වෙන ලිපි වලදි වගේ මම මේකෙ කතාවෙ මුල් ටික කියන්නෙ නැතුව ප්‍රධාන චරිතය ගැන විස්තරයක් කියන්නම්..මේ පුද්ගලය කුඩා කාලයේ සිටම සටනට පුරුදු කල කෙනෙක්..ඔහුට නමක් නෑ..කේත් අංකයක් පමණයි ලබා දී තියෙන්නෙ..ඒ වගෙම පැවරෙන කාර්‍යක් ඇලීම් ගැටීම් වලින් තොරව ඉටු කරන්නත් ඇසට හසු වන ඕනාම දෙයක් මතක තියාගන්නටත්,නිරන්තර සිහි බුද්ධියෙන් සිටින්නටත් ඔහුට උගන්නල තියෙනව..ඒ වගේම සැලසුම් සැකසීමටත් ඔහු දක්ශ කෙනෙක්..ඉතින් මේ තරම් පුරුදු කරපු දක්ෂ මිණීමරුවෙක් වැඩකට බැස්සම කොහොම ඇද්ද?ආහ්..කියල වැඩක් නෑ..බලන්නම ඕන නේද..?එහෙනම් ඔන්න ලින්ක් එක පහල ඇති..

මෙන්න මෙතනින් බාගමු!


The 40 Year Old Virgin (2005) | :D

මැයි 4, 2009

40-year-old-virgin-poster-300මම මේ කියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් සහිත ගොඩක් ප්‍රසිද්ද උන ෆිල්ම් එකක් ගැන..18+ එකක් උනත් කතාව නම් එළ..රසවත්..විහිලු වලටම සීමා නොවු කතාවක් කියන්න පුලුවන්..මෙන්න මෙහෙමයි ෆිල්ම් එකේ මුල් ටික ගලාගෙන යන්නෙ..එක් පුද්ගලයෙක් ඉන්නව ඔහු කවදාවත් ලිංගිකව හැසිරිලා නෑ කාත් එක්ක වත්..මොහුගෙ වයස 40ක් වෙනව්…දවසක් රැකියා ස්ථානයේ යාලුවන් සමග කතා කර කර ඉද්දි මේ බව ඔහුගෙ කටින් හෙලි වෙනව..මෙතැන් සිට ටික දවසක් යනකම් ඔහුට කට්ටිය විහිලු කරනව..පසුව මේ යාලුවො ටික ඔහුට කියල දෙනව ගැහැණුන් හා සම්බන්දකම් ඇතිකරගන්න විදිය..ඔහු මුලින් අකමැති වුනත් පසුව මේව අත්හදා බලනව…මේ කතාවෙ මුල ටික විතරයි..මේ වැඩ දැක්කම අපිට නම් හිනා යනව..කොහොම උනත් කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙ වෙනස් විදියකට..ටිකක් සංවේදී විදියකට කියන්නත් පුලුවන්..කොමඩියක් වුනත් මේකට හිනා යන එක අඩු වෙන්න්න පුලුවන් නමුත් මගේ අදහස නම් මේක වෙනස් තාලෙ රසවත් කතාවක්..බෑවට පාඩු නෑ.. 😀

Ps:මෙම චිත්‍රපටය සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් 6කට නිර්දේශ වෙලා තියෙනව!

මෙන්න මෙතනින් බාගමු!


Fast and Furious 4 (2009) | හිටු කියල රේස් යමු!

මැයි 3, 2009

fast4posterඔන්න මේ පාර දෙන්න හදන්නෙ ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට  හොද ප්‍රවෘත්තියක්..හැමෝම බලල ඇතිනෙ Fast and Furious චිත්‍රපට මාලාවෙ මුල් කතා 3,මෙන්න ඒකෙ අලුත්ම චිත්‍රපටය..මුල් කතා තුන බලල නැතත් මේ චිත්‍රපටය රස විදින්න ඒකෙ බාධාවක් නෑ..ඒ වගෙම මේක ගැන ඉක්මනට ලිපියක් ලියන්න ඕන කියල හිතුන මොකද හොද කොපියක් හම්බුනා නිසා..කතාව ගැන කියනව නම් මුල් චිත්‍රපට තුනටම වඩා මේක වෙනස්..මුල් චිත්‍රපට වල තිබුනෙ කාර් රේස්ම විතරයිනෙ..නමුත් මේකෙ ඊට වඩා හොද කතාවක් තියෙනව,ඒ උනත් රේස් වලින් අඩුවක් නෑ….මුල් ටික නම් Dhoom චිත්‍රපටයෙ වගෙ ගතියක් තියෙනව..නමුත් ඇත්තටම හොද ෆිල්ම් එකක්..පටන් ගත්ත මොහොතෙ ඉදලම බොහොම ආසාවෙන් බලන්න පුලුවන්..සුපිරි නලුවන් පිරිසකගේ දායකත්වයෙන් හැඩ වුනු මෙමෙ චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න කියල තමයි මම නම් කියන්නෙ.. කාලෙකින් ඇගට දැනෙන ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ නැත්නම් මේ දැන්ම බාගන්න..එළම තමයි..!!

මෙතනින් බාගමු! 🙂


My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

මැයි 2, 2009

my-sassy-girl-usමේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ දෙන්නා අතර කතාවක් ඇති වෙන්නෙ නෑ..නමුත් එතැන ඇය සිටින්නෙ බොහොම බීමත්ව..එකපාරම ඇය සිහි නැතිව ඇදගෙන වැටෙනව..අමුතුයි නේ?ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නෙ..මේ තරුණියගෙ අමුතු ගති පැවතුම් නිසාම මේකත් වෙනස් චිත්‍රපටයක් වෙලා තියෙනව..පසු කාලීනව මේ දෙන්න අතරෙ ඇති වෙන්නෙත් අමුතු විදියේ පොරොන්දු..ඒ වගෙම මේ කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙති වෙනස් විදියකට..වෙනස් විදියක ආදර කතාවක් බලන්න ඕන නම් ලින්ක් එක පහළ ඇති.. 🙂

මෙන්න මෙතනින් බාගමු!


Superbad (2007) |හික් හික්..

මැයි 1, 2009

superbad2_large1මේ කියන්න යන්නෙ ටීන් මූවී එකක් ගැන..ඔයාල American Pie චිත්‍රපට මාලාවට ආසද?එහෙනම් බලන්න මේකත්..නමුත් ඒ තරම්ම සැර 😉 නම් නෑ..කොහොම උනත් හොදට හිනා යන රසවත් ෆිල්ම් එකක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..එතකොට තීරණය කරන්න බලනවද නැද්ද කියල..එක්තරා යාලුවො දෙන්නෙක් ඉන්නව පුංචි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන..මේ දෙන්නාගෙ පාසල් දිවියේ අන්තිම කාලයේ සිදුවෙන දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..මේ දෙන්න ටිකක් විතර පාසලෙන් කොන් වුනු දෙන්නෙක්,දවසක් මෙයාලට ගැහැණු ළමයි දෙන්නෙක් කියනව හවස තියෙන පාටියකට එන්න කියල..ඒකට මධ්‍යසාර අරගෙන එන්න පුලුවද කියලත් අහනව..ඔවුන් මේ වැදේ බාරගත්තත් ඔඋන්ගේ වයස 21ට අඩු නිසා නීති විරොධී විදියට තමයි මත්පැන් ගන්න වෙන්නෙ..මෙතැන් සිට තමයි කතාවෙ හොද ටික පටන් ගන්නෙ..මේ දෙන්නට ඒතුවෙන අනිත් යාලුවත් මේ වගේම එක්කෙනෙක්..මේ තුන්දෙනත් එක්ක ඒ දිනයෙදි නටන පිස්සුව තමයි අපිට බලන්න තියෙන්නෙ…ඇත්තටම කොමඩි ෆිල්ම් එකක් ගැන මෙහෙම කිව්වට අදහසක් ගන්න අමාරුයි..American Pie වගේ චිත්‍රපට වලට ආස නම් බලන්න..හොදට හිනා වෙන්න පුලුවන්.. 🙂

මෙන්න මෙතනින් බාගමු


Crash (2004/I) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!

අප්‍රේල් 29, 2009

[poll id=”2″]crash2004
මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!

මෙන්න මෙතනින් බාගන්න!