Atonement (2007) | හිතට,හිත ඇතුලට!

මැයි 27, 2009

atonementමේ කියන්න යන්නෙ හිතන්න යමක් ඉතුරු කරල ඉවර වෙන ෆිල්ම් එකක් ගැන..මම මේ ගැන ගොඩක්ම විස්තර කියන්න යන්නෙ නෑ,මොකද එක වචනෙකින් මුලු කතාවෙම රසය නැති වෙන්න පුලුවන්..මේක ආදර කතාවක්,ඒ වගෙම මේ ආදර කතාවත් එක්කම යනව ජීවිතයේ ගැඹුරු පැත්තක් ගැන කතිකාවතකුත්..ඒ නිසයි මේ චිත්‍රපටය විශෙෂ එකක් වෙලා තියෙන්නෙ..මම එහෙනම් කතාවෙ මුල් ටික කියන්නම් ඔයාල හොදයි කියල හිතනව නම් බාල බලන්න..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා විශාල ගෙදරක පවුලක් ජීවත් වෙනව..වැඩකරුවන් ආදිය පිරිවරාගෙන ජීවත්වෙන මේ පවුලේ බාල දියණියගෙ ජීවිත කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ..මේ ගෙදර වැඩ කරන තරුණයෙක් සමග මේ පවුලේ වැඩිමහල් දියණිය ආදරයෙන් බැදෙනව..මේ ආදර කතාවත් ඇගේ නංගිගේ වැරදි වැටහීමක් නිසා වන සිද්දියකුත් මත තමයි කතාව ගලාගෙන යන්නෙ..මම මුලින් කිව්ව වගේ වැඩිය කියන්න යන්නෙ නෑ මේ කතාව ගැන..හිමින් ගලාගෙන යන නාට්‍යමය කතා වලට කැමති අය විතරක් මේක බලන්න..අනික් අයට මේක කම්මැලි හිතෙයි..කතාව අන්තිමට ඔබට හිතන්න දෙයක් ඉතුරු කරයි ..සමහරවිට ඔබ දවස් ගානක් ඒ ගැන හිතයි..

ඔස්කාර් සමානයක් හා තවත් සම්මාන 23ක් ලබාගත් මෙම චිත‍්රපටය

මෙන්න මෙතනින් බාගන්න..


28 Weeks Later (2007) | ඔබත් සුරක්ෂිතද?

මැයි 27, 2009
28_weeks_laterඇත්තටම මේ ෆිල්ම් එක පොතේ ගුරා සොහොයුරා මීට කලින් දාපු Doomsday (2008) ෆිල්ම් එකේ ප්‍රධාන තේමාවට ලොකු සමාන කමක් දැක්වුවත් ඇත්තටම මේ ෆිල්ම් එක ඊට අවුරුද්දකට කලින් එනම්  2007 දි තිරගත වූවක්. ප්‍රධාන තේමාව සමාන උනාට ෆිල්ම් එකේ අන්තර්ගතය එකිනෙකට වෙනස්. මේ ෆිල්ම් එක thriller ෆිල්ම්ස් වලට කැමති ඔබ සඳහාමයි.  😀
කතාව මෙහෙමයි. ලන්ඩනයේ භයානක වෛරසයක් පැතිර යනවා එය ආසාදනය වෙන මිනිසුන් උන්මත්තකයන් ලෙස අනික් අයව සපා කෑමට පෙලඹෙනවා. මෙයින් තවමත් බේරි සිටින ඩොන් හා ඔහුගේ බිරිඳ ඇතුලු ටික දෙනෙක් ගම්බද පලාතක සැගවී සිටින විට වෛරසය ආසදනය වූවන් එම ගෙදරට පහර දෙනව,මේ සිද්දියෙන් ඩොන් කලබල වී කාමරයකට කොටු වී සිටින තම බිරිඳ අතහැර දමා පලා යනවා.
ඉන් සති 28 කට පසු බොහෝ දෙනා මියගොස් ඇති නිසා වෛරසය පැතිරීම නතර වී ඇතත් එයට තවමත් බෙහෙතක් සොයාගෙන නැහැ. ලන්ඩනය පාලුවට ගොස් ඇති අතර,  ආසදනය නොවී ඉතුරු වී සිටින ටික පිරිස නගරයේ එක්තරා අධිආරක්ෂිත පෙදෙසක වෙසෙනවා. එම පෙදෙස ආරක්ෂා කීරීමේ වගකීම පැවරී තිබෙන්නේ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ නේටෝ හමුදාවටයි.
මේ අතර විදේශයක ජීවත් වූ ඩොන් ගේ දරුවන් දෙදෙනා තම පියා සමග විසිමට නැවත ලන්ඩනය බලා පැමිනෙන අතර ඩොන් දැන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ වැඩකටයුතුවල ඉහල තනතුරක් දරනවා.
ඔවුන්ට තම මව නැති අඩුව තදින් දැනෙන අතර නොදැනුවත්වම ඔවුන් දෙදෙනා විශාල වැරැද්දක් කිරීමට පෙළඹෙනවා. එය කුමක්ද? එයින් ඇතිවෙන ප්‍රතිඵල කෙසේ වෙයිද? මේ ලොකු රහස දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව..බාගමු නේ?
සැ:යු! මේක සම්මාන 4 කට නිර්දේශ වී ඉන්   2 ක් දිනා තිබෙනවා.

මෙන්න මෙතනින් බාගමු!

  • මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Cellular (2004) | ජීවිතයත් ම‍රණයත් අත‍රට දුරකථනය!

මැයි 26, 2009

914alsh3erඅද මම කියන්න හදන්නෙ මම බලල තියෙන හොදම ඇක්ෂන් ෆිල්ම් එක ගැන. අලුත් තාක්ශණික ලෝකේ සෙල් ෆෝන් වලට ලොකු තැනක් තියෙන නිසාත් පිස්සු හැදෙන ඇක්ෂන් තියෙන අතරේ හොද කතාවකුත් තියෙන ෆිල්ම් එකක් නිසත් මම මේ ෆිල්ම් එක ගන ලියන්න හිතුව.(තව දෙයක්, මට නම් හිතුනෙ මේ ෆිල්ම් එකට අනුග්‍රහය දැක්වූයේ “Nokia” කම්පනියෙන්දෝ වත් කියල. මේ ෆිල්ම් එක හරියට “Nokia 6600” ෆෝන් එකේ වෙළද දැන්වීමක් වගේ..හික් හික්)කතාවෙ මුල් හරියෙදි එකිනෙකට නොගැලපෙන පරස්පර සිදුවීම් දෙකක් ගැන පෙන්නන්නෙ. එක සිදුවීමකින් උසස් පාසලක බයලොජි ගුරුවරියක්ව අභිරහස් කන්ඩයමක් පැහැර ගන්නවා. පැහැරගෙන ගෙනිහින් දාන තැන තියෙන දුරකතනය මිටියකින් ගහල විනශ කරල දානවා.අනිත් සිදුවීම නම් කඩවසම් තරුණයෙක්ව එයගෙ ගැහැනු ළමය අතහැරල දානව ඒ තරුණය ඇත්තට ඇයට ආදරේ කරන්නෙ නෑ කියල,හැබැයි ඔහුට එක්තරා වැඩක් පවරල ඇය අගවනව ව වැඩේ හරියට කළොත් මේ සම්භන්දකම ගැන ආයෙත් සලකා බලනව කියල… ඒ තරුණය වැඩේට පිටත් වෙනවා..
මෙන්න දැන් සිදුවීම් දෙක සම්භන්ධ වෙනවා – අර ගැහැනු කෙනා කොහොම හරි කැඩුනු දුරකතනයෙ වයර් එකට ගාවල ගාවල කොහොම හරි අහඹු අංකයකට දුරකථන ඇමතුමක් ගන්නව..මේ අංකය තමයි ඉහත කී තරුණයාගෙ අංකය..ඇය තමන් වැටී ඇති කරදරය ගැන මොහුට කිව්වත් මේ තරුණය හිතන්නෙ මේක කගෙ හරි විහිළුවක් කියල.. ඒත් ටිකකට පස්සෙ තරුණයට දුරකථනයෙන් ඇහෙනව යම් පුද්ගලයෙක් අදාල කාන්තාවගෙන් ඇගේ සැමියා ඉන්න තැන අහන බව හා ඇගේ ළමයා පැගැරගන්න බවට තර්ජනය කරන හඩක්;එකෙන් තරුණයට තේරෙනව මේක ඇත්තක් කියල.ගෑනු කෙනා කොල්ලගෙන් උදව් ඉල්ලනව එයලව බේරල දෙන්න කියල. තරුණය උදව් කරද්දි එයාට මුහුනදෙන්න වෙන සිදුවීම් හරිම තාත්වික විදිහට මේ ෆිල්ම් එකේ පෙන්නනව. ඇක්ෂන් ෆිල්ම් එකක් උනාට ඕනවට වැඩිය බොරු වැඩකෑලි නැහ මේ ෆිල්ම් එකේ,හැම දේම ප්‍රායෝගිකයි..දැන් ඉතින් කතාව සිදු වුනු හැටි ඔයාලට කිව්වොත් ෆිල්ම් එක බලන්න තියෙන උනන්දුව නැතිවේවි කියල හිතෙනව. ඒක නිසා මේක බලලම කියන්නකෝ කොහොමද කියල,මම ආයෙ ආයෙත් කියන්න මේක බැලුවට පාඩු නෑ කියල හිතෙන ෆිල්ම් එකක්..

මෙන්න මෙතනින් බාගන්න

  • මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුභාෂ් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Dev.D (2009) | ආද‍රය ++!

මැයි 26, 2009

devd14 ඔන්න එහෙනම් මමත් බයිස්කෝප් එකක් ගැන ලියන්න හිතුවා…හින්දි ෆිල්ම් එකක් උනත් මමනම් ආසවෙන් බලපු කතාවක්..ඒත් මේ කතාවට අකමැති අයත් ඉන්න පුලුවන්..අපිට කතාව අවසන් වෙනකන් තේරුම් ගන්න ටිකක් අමාරුයි..මේ කතාවෙන් අපිට අද කාලෙ ආදරේ ගැන හොද අවබෝධයක් ලබාගන්න පුලුවන් කියලයි මගෙනම් අදහස..
කෙල්ලො නිසා කොල්ලන්ට වෙන අබැද්දි වගේම,කොල්ලො නිසා කෙල්ලන්ට වෙන වැඩත් මෙමගින් හොදින් නිරූපනය වෙනවා..ඒවගේම අදරය කරද්දි අතිවෙන බාධා වගේම මත්ද්‍රව්‍ය ගණිකාවෘති වගේ පහත් දේවලට යොමු වෙන්නත් ආදරේ ගොඩක් බලපාන බව, එවගේම ආදරේ කරද්දි විස්වාසය ගොඩාක් වැදගත් බව…ෆිල්ම් එක බැලුවම අපිට වැටහෙනවා…
මගෙ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න ආසා හිතුනනම් බාගන්න කියල තමා කියන්න තියෙන්නෙ..හබැයි මමනම් හිතන්නෙ ආදරේ කරන අය අනිවා බලන්න ඔනා කතවක් තමා Dev.D කියන්නෙ..

සැ:යු! ඒ වගේම නවක නලු නිළි යුවලක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය IMDB වල 8.5/10 ක් ලබාගෙන තියෙනව..ඇත්තටම ඒක බොහොම ඉහළ අගයක්..

මෙන්න මෙතනින් බාගන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය zoniczz සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..


The Patriot (2000) | සෙනෙහස වෙනුවෙන්….

මැයි 25, 2009
200px-patriot_promo_posterඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ ආරාධනයෙන් පලවෙනි සටහන ලියනවා.මම බලපු ගොඩක් සංවේදි කතාවලින් එකක් තමයි මේක. ටිකක් විතර මේ කතාව පරණ උනත් යුද්ධයක් වෙනුවෙන් සෙබලෙක් කරන්න සිදුවෙන කැපකිරීම් ගැනයි මේ කතාව.
කතාව මෙහෙමයි,  18 වෙනි ශතවර්ෂයේ ඇමෙරිකාව යටත් කරගෙන උන්නු ඛ්‍රිතාන්‍ය ත්  සමග ඇමෙරිකානු හමුදාව  යුද්ධ කරන කාලේ බෙන්ජමින් මාර්ටින් (මෙල් ගිබ්සන්) ගොවිපොලක් පවත්වගෙන යමින්, මව අහිමි තම දරුවන් සමග වාසය කරමින් ඉන්නවා. ඔහු ඊට කාලෙකට පෙර පැවති ප්‍රංශ යුද්ධයේ දක්ෂ සොල්දාදුවෙක් උනත්, එයින් ඇතිවූ කලකිරීම මත යුද්ධයට විරුද්ධ වෙනවා. නමුත් තමාගේ වැඩිමල් පුතා බලෙන්ම හමුදාවට බැඳී යුද්ධයට පිටත් වෙනවා.
දිනක් රෑ තම පුතා තුවාල ලබා ගෙදරට එනවා. පසුදින ඛ්‍රිතාන්‍ය න් ලුහුබැඳ පැමිණ තම නිවස පිලිස්සීමට අණ කොට පුතාව එල්ලා මැරීම සඳහා රැගෙන යන්න හදන විට ඊට විරුද්ධ වෙන දෙවෙනි පුතාව ඔහු ඉදිරි පිටම මරා දමනවා.
ඉන්පසු,,,,,,,නෑ මින් එහාට කතාව බැලීම ඔබට බාරයි.මම මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ TV එකෙන්.ගොඩක් දෙනා සමහර විට බලලත් ඇති දැනටමත්.ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියනවනම් මේක ඔස්කාර් ඇතුලු සම්මාන 20 කට නොමිනේට් වෙලා ඉන් 8 දිනා තියෙනවා.

මෙන්න මෙතනින් බාගමු!

  • මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Da Vinci Code (2006) | දන්න දේට වඩා වෙනස් යමක්!

මැයි 25, 2009
poster_thedavincicodeposter2මම මේ කියන්න යන ෆිල්ම් එක 2003 වසරෙදි නිකුත් වී වැඩිම ආදායම් උපයපු  “Dan Brown” කියන ලේඛකයා විසින් රචිත “The Da Vinci Code” කියන ප්‍රභන්ධ කතාව පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ලෝකේ විශාල ආන්දෝලනයක් ඇතිකලා. රෝමානු කතෝලික ආගමට අපහාස කලාය එම නිසා මෙම ෆිල්ම් එක නොබලා ඉන්නය කියල රෝමානු කතෝලික පල්ලිය ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් පවාකලා.
කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්. අනිත් එක මගේ ප්‍රියතම නලුවෙක් ඉන්න නිසාත් වෙනස් ආරක කතා තේමාවක් අඩන්ගු නිසාත් මම හිතුව ඔයලත් මේ ෆිල්ම් එකට අසාවෙයි කියල.
මේ කතාවෙන් කියන්න හදන්නෙ මරිය මග්දලේනා කියන කාන්තාව (අභිසාරිකාවක් කියල මිනිස්සු ගල් ගහල මරන්න හදපු වෙලවෙ ජේසු තුමා ඉදිරිපත් වෙලා කවදාවත් පාපයක් නොකරපු අයෙක් පලමු ගල ගසන්න කී නිසා මරනින් බේරුනු කාන්තව) ජේසු තුමාගෙ බිරිද බවත්, ඔවුන්ගේ දරුවන් රකින්න වෙනමම රහස් කන්ඩායමක් පත්කර ඇති බවත් (ලියනාඩෝ ඩාවින්චි, සර් අයිසැක් නිව්ටන් වික්ටර් හියුගෝ වගේ අය – ලියනාඩෝ ඩාවින්චිගෙ මොනලිසා වගේ චිත්‍රවල ඒ රහස් සන්විධනයෙ අය ගැන විස්තර රහස් සOකේත වලින් කියවෙනව කියලයි කියන්නේ) වර්තමනයෙත් ජේසු තුමාගෙන් පැවතෙන දරුවො  ඉන්නා බවත්, ඒ අය ආරක්ශා කිරීමට පාරම්පාරිකව පත් කල අය ඉන්නා බවත්, ඒ මතය හෙලි උනොත් ඒකෙන් රෝමානු කතෝලික ආගමේ කියන විදිහට ජේසු තුමා ශුද්ධාත්මයක් ඇති කෙනෙක් කියන මතයට කැලලක් වෙයි කියන බයට පල්ලිය විසින් ජේසු තුමාගෙන් පැවත එන අයත් ඒ අයව ආරක්ශා කරන අයවත් හොයල විනශ කරන්න දරන උත්සහයත් ගැන තමයි මේ කතාව පුරා දිව යන්නෙ.

මෙන්න මෙතනින් බාගන්න..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුභාෂ් ගුණවර්ධන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

X-Men Origins: Wolverine (2009) | ක්‍රියාදාම ගොඩායි!

මැයි 24, 2009

x_men_origins_wolverine_ver4මේ චිත්‍රපටය ගැන නම් අහල නැති කෙනෙක් හොයාගන්න ලැබෙන එකක් නෑ..කොහොම උනත් ඔන්න හොද කොපියක් ලැබුන නිසා ඔයාලට දෙන්න හිතුව..X man චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් වත් බලල නැති කෙනෙක්ට උනත් මේ චිත්‍රපටය රස විදින්න බාදාවක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සහෝදරයන් දෙදෙනෙක් යුධ හමුදාවට බැදී යුද්ද කරනව..ඔවුන් සාමාන්‍ය අය නම් නෙවෙයි..දවසක් මේ දෙන්නගෙ වැරදි වැඩක් නිසා දෙන්නවම වෙඩි තියල මරල දාන්න නියම වෙනව..වෙඩි තිබ්බත් මේ දෙන්න මැරෙන්නෙ නෑ ඒ නිසා මෙයාලව අදුරු හිරකුටියක දාල තියනව..පසු දිනක මෙතැනට එන හමුදා නිලධාරියෙක් කියනව විෂේශ මෙහෙයුම් වලට යොදාගන්න වෙනමම කණ්ඩායමක් හදනව ඒකට එන්න කියල..( මෙතනට එනකම් විස්තරේ සාමාන්‍ය කතාවක වගේ වුනත් මෙතැන් සිට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තියෙන්නෙ ) මේ කණ්ඩායමට ඇතුලත් වෙන්නෙ ඔක්කොම මේ දෙන්න වගේම සුවිශේෂී කට්ටිය..පළමු මෙහෙයුමෙන් පසු,සහෝදරයන් දෙදෙනගෙන් බාල සහෝදරය මේ කණ්ඩායමෙන් අයින් වෙනව..මෙතැන් සිට කතාව වෙනත්ම මගක් ගන්නව..ඇත්තටම හොද කතාවක් සහිත චිත්‍රපටයක්..ක්‍රියාදාම වලින් අඩුවක් නෑ එක මොහොතක වත්..මම හිතන් නෑ මේ ගැන අහල නැති කෙනෙක් ඇති කියල..එහෙම කෙනෙක් ඉන්නව නම් මම කියන නිසා වත් බලන්න..ෆිල්ම් එක එළ!

අහ්..ටීවී එකෙන් එහෙම මේ චිත්‍රපටයේ ට්‍රයලර් එක දැකල කතාවේ ප්‍රධාන සිද්දීන් ගැන අවබෝධයක් අරගෙන තියනව නම් මට කියන්න තියෙන්නෙ ෆිල්ම් එක බලද්දි ඒක බරපතල විදියට වෙනස් වෙනව කියල…

මෙන්න මෙතනින් බාගන්න!

( මේ චිත්‍රපටයේ Workprint ගොඩක් තිබුනත් ඊයෙ තමයි හොද කොපියක් out උනේ )


Ice Age: The Meltdown (2006) | නොනවතින සිරික්කියකට!

මැයි 23, 2009

iceage2themeltdownthe39784_fIce Age  චිත්‍රපට මාලාවේ දෙවනි චිත්‍රපටය ගැනයි මේ කියන්න යන්නෙ..මම බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් වලින් එකක්..මේකෙ පළවෙනි චිත්‍රපටය බලල නැත්නම් ඔක්කොටම කලින් ඒක බලල ඉන්න..කතාව මෙන්න මෙහෙමයි..පළමු චිත්‍රපටයේ ඔක්කොම චරිත මේකෙත් ඉන්නව..ඔවුන් සාමාන්‍ය විදියට ජීවිතය ගත කරමින් ඉන්නව..මේ අතරතුර මැමත් අලියට (මැමී )හිතෙනව තමන් මේ ලෝකෙ තනි වෙලා නේද කියල..ඔහු බොහෝ කාලෙකින් තවත් මැමත් කෙනෙක් දැකල නෑ..මේ අය හිතනව ඔහු මෙලොව අන්තිම මැමත් කියල…මෙහෙම යද්දි දවසක් මොහුට හම්බෙනව මැමත් ගෑණු සතෙක්..අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..මැමීට ගොඩක් සතුටුයි..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව..මේ ගැහැණු සතා හිතන්නෙ possum කෙනෙක් කියල..මොකද ඇය පොඩි කාලෙ ඉදලම possum දෙන්නෙක් එක්ක තමයි හැදිල තියෙන්නෙ..මේ දෙන්නගෙ අපූරු ආදර කතාවකුත් ඉදිරියේදි වෙන්න යන මහා ව්‍යසනයකුත් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ..මේකෙ හැම මොහොතක්ම හරිම රසවත්..හිනා යනව බලන්න පටන් ගන්න මොහොතෙ ඉදන්ම..මුල් ෆිල්ම් එක බැලුව අය නම් දෙපාරක් හිතන එකක් නෑ මේක බාගන්න එක ගැන..

මෙන්න මෙතනින් බාගමු!


Ice Age (2002) | හිනා නොවුනොත් තෑගි!

මැයි 23, 2009

iceageගොඩක් අය ඉන්නව කාටුන් චිත්‍රපට කිව්වම බලල වැඩක් නෑ කියල හිතන..ඒ උනාට මම මේ කියන්න යන චිත්‍රපට මාලාව ඕන කෙනෙක්ව හිනාගස්සන්න සමත් එකක්..ඒ වගේම මේකෙ මුල් චිත්‍රපටය නම් නොබලපු එකෙන්ක් ඉන්නවද හිතාගන්න අමාරුයි..කොහොම උනත් මෙන්න මෙහෙමයි පළමු චිත්‍රපටය……. මේ කියන්නෙ පෘතුවියේ අයිස් යුගයක් උදාවෙමින් තියෙන කාලය ගැන..අයිස් යුගය උදාවෙන නිසා සියලුම සතුන් උණුසුම් තැන් හොයාගෙන යනව..බොහෝ කාලයක් නිදාගෙන හිටපු Sloth සතෙක්ට මේ ගමන මග හැරෙනව,ඔහු නොනවත්වා කතා ක‍රන හ‍රිම විනෝදජනක සතෙක්..ඔහු මේ ගමන පටන් ගන්නකොට ඔහුට අලියෙක් මුණගැහෙනව..මේ දෙන්න එකට ගමන් කරන්න පටන් ගන්නව..මේ අතරතුර මිනිසුන්ගේ ගම්මානයකට කොටියන් (කකුල්4) පහරදෙනව,මේකෙන් බේරෙන්න කාන්තාවක් තම දරුවත් අරගෙන ගගකට පනිනව..මේ කුඩා දරුව ගගේ පාවෙමින් තියෙනකොට අර අලිය විසින් බේරගන්නව..පසුව මේ දෙන්න තීරණය කරනව ළමයගෙ දෙමවුපියන් හොයල බාර දෙන්න..මේ ගමනෙදි තවත් කෙනෙක් එකතු වෙනව..ඌ නම් සැකසහිතයි,මොකද ඌත් කොටියෙක් (මූත් කකුල් 4)..මේ තිදෙනාගෙ ගමන තමයි චිත්‍රපටයෙ තියෙන්නෙ..ඇත්තටම හරිම රසවත් එකක්,එක මොහොතකදි වත් කම්මැලි හිතෙන්නෙ නම් නෑ,ඒ බව මම සහතික වෙනව..හැමෝම බලන්න!

මේක බලල හිනා නොවී හිටියොත් තෑග්ගක් දෙන්න වටිනව

මෙන්න මෙතනින් බාගන්න!


Harold & Kumar Go to White Castle (2004) |හික් හික්…කදිම රසයි!

මැයි 22, 2009

harold__kumar_go_to_white_castleමේ කියන්න යන්න 2004 වසරෙදි ආපු හොදම කොමඩියක් ගැන..ඇත්තටම මට නම් මතක් වෙනකොටත් හිනා යන ෆිල්ම් එකක්..ගොඩක් අය මේක බලල ඇති..බලපු නැති අය අදම බලන්න..මෙන්න මෙහෙමයි කතාවෙ ප්‍රධාන චරිත දෙක..හැරල්ඩ් (චීන ජාතිකයෙක් ) හා කුමාර් (ඉන්දියන් ජාතිකයෙක් ) කියල යාලුවො දෙන්නෙක් ඉන්නව..දෙන්නට තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ගති පැවතුම්..හැරල්ඩ් පිරිසිදුවට පිළිවෙලට ඉන්න හැදුවට කුමාර්ට තියෙන්නෙ අමුතුම පිස්සු ගති පැවතුම් ටිකක්..කතාව යන්නෙ මෙහෙමයි..මේ දෙන්න දවසක් ටීවී බල බල ඉන්නකොට දකිනව  White Castle නැමති කෑම කඩයේ වෙලද දැන්වීමක්..මේක දැක්ක ගමන් දෙන්නටම හිතෙනව මෙතනින් කන්න ඕන කියල..ඔක්කොම වැඩ නවත්තල දෙන්නම එහෙ යන්න හදනව..පස්සෙ තමයි දැනගන්න ලැබෙන්නෙ කඩේ තිබ්බ තැන වෙනස් කරල කියල..කොච්චර දුර උනත් කමක් නෑ මෙතනින් කාලමයි එන්නෙ කියල හිතාගෙන මේ දෙන්න ගමන යනව..ඒ ගමන අතරමගදි වෙන,මොවුන් කරන දේවල් දැක්කම හිනා යනව බඩ පැලෙන්න..ඇත්තටම වෙනත් කොමඩි වගේ නෙවෙයි හොදට හිනා වෙන්න පුලුවන් එකක්..අනිවා බලන්න කියල තමයි මම කියන්නෙ..බොහොම රසවත් කතාවක්!කොමඩි ෆිල්ම් වලට ආස අයගෙ ආසම ෆිල්ම් එකක් වෙයි මේක!

මේකෙ දෙවනි කොටසත් ආව ගිය අවුරුද්දෙ..මේක බැලුවම ඒකත් දෙන්නම්.. 🙂

එහෙනම් මෙන්න මෙතනින් බාගමු