Ice Age: The Meltdown (2006) | නොනවතින සිරික්කියකට!

මැයි 23, 2009

iceage2themeltdownthe39784_fIce Age  චිත්‍රපට මාලාවේ දෙවනි චිත්‍රපටය ගැනයි මේ කියන්න යන්නෙ..මම බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් වලින් එකක්..මේකෙ පළවෙනි චිත්‍රපටය බලල නැත්නම් ඔක්කොටම කලින් ඒක බලල ඉන්න..කතාව මෙන්න මෙහෙමයි..පළමු චිත්‍රපටයේ ඔක්කොම චරිත මේකෙත් ඉන්නව..ඔවුන් සාමාන්‍ය විදියට ජීවිතය ගත කරමින් ඉන්නව..මේ අතරතුර මැමත් අලියට (මැමී )හිතෙනව තමන් මේ ලෝකෙ තනි වෙලා නේද කියල..ඔහු බොහෝ කාලෙකින් තවත් මැමත් කෙනෙක් දැකල නෑ..මේ අය හිතනව ඔහු මෙලොව අන්තිම මැමත් කියල…මෙහෙම යද්දි දවසක් මොහුට හම්බෙනව මැමත් ගෑණු සතෙක්..අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..මැමීට ගොඩක් සතුටුයි..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව..මේ ගැහැණු සතා හිතන්නෙ possum කෙනෙක් කියල..මොකද ඇය පොඩි කාලෙ ඉදලම possum දෙන්නෙක් එක්ක තමයි හැදිල තියෙන්නෙ..මේ දෙන්නගෙ අපූරු ආදර කතාවකුත් ඉදිරියේදි වෙන්න යන මහා ව්‍යසනයකුත් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ..මේකෙ හැම මොහොතක්ම හරිම රසවත්..හිනා යනව බලන්න පටන් ගන්න මොහොතෙ ඉදන්ම..මුල් ෆිල්ම් එක බැලුව අය නම් දෙපාරක් හිතන එකක් නෑ මේක බාගන්න එක ගැන..

මෙන්න මෙතනින් බාගමු!


Ice Age (2002) | හිනා නොවුනොත් තෑගි!

මැයි 23, 2009

iceageගොඩක් අය ඉන්නව කාටුන් චිත්‍රපට කිව්වම බලල වැඩක් නෑ කියල හිතන..ඒ උනාට මම මේ කියන්න යන චිත්‍රපට මාලාව ඕන කෙනෙක්ව හිනාගස්සන්න සමත් එකක්..ඒ වගේම මේකෙ මුල් චිත්‍රපටය නම් නොබලපු එකෙන්ක් ඉන්නවද හිතාගන්න අමාරුයි..කොහොම උනත් මෙන්න මෙහෙමයි පළමු චිත්‍රපටය……. මේ කියන්නෙ පෘතුවියේ අයිස් යුගයක් උදාවෙමින් තියෙන කාලය ගැන..අයිස් යුගය උදාවෙන නිසා සියලුම සතුන් උණුසුම් තැන් හොයාගෙන යනව..බොහෝ කාලයක් නිදාගෙන හිටපු Sloth සතෙක්ට මේ ගමන මග හැරෙනව,ඔහු නොනවත්වා කතා ක‍රන හ‍රිම විනෝදජනක සතෙක්..ඔහු මේ ගමන පටන් ගන්නකොට ඔහුට අලියෙක් මුණගැහෙනව..මේ දෙන්න එකට ගමන් කරන්න පටන් ගන්නව..මේ අතරතුර මිනිසුන්ගේ ගම්මානයකට කොටියන් (කකුල්4) පහරදෙනව,මේකෙන් බේරෙන්න කාන්තාවක් තම දරුවත් අරගෙන ගගකට පනිනව..මේ කුඩා දරුව ගගේ පාවෙමින් තියෙනකොට අර අලිය විසින් බේරගන්නව..පසුව මේ දෙන්න තීරණය කරනව ළමයගෙ දෙමවුපියන් හොයල බාර දෙන්න..මේ ගමනෙදි තවත් කෙනෙක් එකතු වෙනව..ඌ නම් සැකසහිතයි,මොකද ඌත් කොටියෙක් (මූත් කකුල් 4)..මේ තිදෙනාගෙ ගමන තමයි චිත්‍රපටයෙ තියෙන්නෙ..ඇත්තටම හරිම රසවත් එකක්,එක මොහොතකදි වත් කම්මැලි හිතෙන්නෙ නම් නෑ,ඒ බව මම සහතික වෙනව..හැමෝම බලන්න!

මේක බලල හිනා නොවී හිටියොත් තෑග්ගක් දෙන්න වටිනව

මෙන්න මෙතනින් බාගන්න!


Harold & Kumar Go to White Castle (2004) |හික් හික්…කදිම රසයි!

මැයි 22, 2009

harold__kumar_go_to_white_castleමේ කියන්න යන්න 2004 වසරෙදි ආපු හොදම කොමඩියක් ගැන..ඇත්තටම මට නම් මතක් වෙනකොටත් හිනා යන ෆිල්ම් එකක්..ගොඩක් අය මේක බලල ඇති..බලපු නැති අය අදම බලන්න..මෙන්න මෙහෙමයි කතාවෙ ප්‍රධාන චරිත දෙක..හැරල්ඩ් (චීන ජාතිකයෙක් ) හා කුමාර් (ඉන්දියන් ජාතිකයෙක් ) කියල යාලුවො දෙන්නෙක් ඉන්නව..දෙන්නට තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ගති පැවතුම්..හැරල්ඩ් පිරිසිදුවට පිළිවෙලට ඉන්න හැදුවට කුමාර්ට තියෙන්නෙ අමුතුම පිස්සු ගති පැවතුම් ටිකක්..කතාව යන්නෙ මෙහෙමයි..මේ දෙන්න දවසක් ටීවී බල බල ඉන්නකොට දකිනව  White Castle නැමති කෑම කඩයේ වෙලද දැන්වීමක්..මේක දැක්ක ගමන් දෙන්නටම හිතෙනව මෙතනින් කන්න ඕන කියල..ඔක්කොම වැඩ නවත්තල දෙන්නම එහෙ යන්න හදනව..පස්සෙ තමයි දැනගන්න ලැබෙන්නෙ කඩේ තිබ්බ තැන වෙනස් කරල කියල..කොච්චර දුර උනත් කමක් නෑ මෙතනින් කාලමයි එන්නෙ කියල හිතාගෙන මේ දෙන්න ගමන යනව..ඒ ගමන අතරමගදි වෙන,මොවුන් කරන දේවල් දැක්කම හිනා යනව බඩ පැලෙන්න..ඇත්තටම වෙනත් කොමඩි වගේ නෙවෙයි හොදට හිනා වෙන්න පුලුවන් එකක්..අනිවා බලන්න කියල තමයි මම කියන්නෙ..බොහොම රසවත් කතාවක්!කොමඩි ෆිල්ම් වලට ආස අයගෙ ආසම ෆිල්ම් එකක් වෙයි මේක!

මේකෙ දෙවනි කොටසත් ආව ගිය අවුරුද්දෙ..මේක බැලුවම ඒකත් දෙන්නම්.. 🙂

එහෙනම් මෙන්න මෙතනින් බාගමු


Get smart’s Bruce And Lloyd Out Of Control (2008) |ඔබත් ස්මාට් ද?

මැයි 21, 2009

tforg-get-smart-s-bruce-lloyd-out-control-freeමම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික අංශයෙන් වැඩ දාපු මහත පොරයි ජපන් පොරයි?ඒ දෙන්න තමයි මේකෙ ඉන්නෙ..මේ දෙන්න පිස්සු වැඩ කරමින් ඉන්නව..මේ අතරතුර දවසක් මූලස්ථානයෙ වෙන අනපේක්ෂිත සිද්දියක් නිසා මේ දන්නට බාර වෙනව වැදගත් රාජකාරියක් ඉටු කරන්න..හැමතැනදිම අනාගත්තත් හිනා යන විදියට වැඩේ කරනව මේ දෙන්න අන්තිමට..පළමු චිත්‍රපටය තරම් හිනා යන්නෙ නැති උනත් ෆිල්ම් එක හොදයි..කෝකටත් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගමු!


Balls Out: Gary the Tennis Coach (2009) | අනේ මන්ද!

මැයි 20, 2009

x5xfexමම දැක්ක තැන් දෙක තුනකම මේ ෆිල්ම් එක ගැන කතාවෙනව..ඒකයි ඉක්මනට ලියන්න හිතුවෙ..මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක වැට උඩ ඉන්න කෙනෙක් වගේ..ඔයාලගෙ කැමැත්ත අනුව තමයි මේක හොද එකක්ද නරක එකද කියල තීරණය වෙන්නෙ..මම කතාව කිව්වම හොද එකක් කියල හිතෙනව නම් බාගෙන බලන්න..ගොන් එකක් කියල හිතෙනව නම් අල්ලල දාන්න..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ඔහුගේ පියා පුංචි කාලෙ ඉදලම ඔහුට ටෙනිස් ක්‍රීඩාව පුරුදු කරනව..නමුත් ඔහුට හරියන්නෙ නම් නෑ..හැමතැනම අනාගන්නව ඔහු ටෙනිස් ගහන්න ගිහින්..පස්සෙ ඔහු තීරණය කරනව ටෙනිස් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න…ඉතින් ඔහු කාලයක් පිස්සු නට නට ඉදල පස්සෙ එක්තරා පාසලක සුද්ද පවිත්‍රකරන කෙනෙක් විදියට සේවය කරනව..මේ අතරතුර ඒ පාසලේ ළමුම් ටෙනිස් ක්‍රීඩා කරනව දැකල මොහුත් තනියම ක්‍රීඩා කරනව..මේ බව දැක්ක පුහුණුකරු ඔහුව සහයකයෙක් විදියට බදවගන්නව..මේ අතරතුර අර ප්‍රදාන පුහුණුකරු මිය යනව..පසුව මොහුටත්,ටෙනිස් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති  කෙනෙකුටත් පැවරෙනම මේ ළමුන්ව පුහුණු කරන්න,ඒ ළමයින්ත් එක්ක ඔහු දිග ගමනක් යනව..මොහුගේ ගති පැවතුම් නිසා තමයි කතාව රසවත් වෙලා තියෙන්නෙ..කතාව හොදයි කියල හිතෙනව නම් මේක බලන්න..කොමඩියක් හැටියට වරදක්ම නෑ..හිනා යන තැන් ටිකක් තියෙනව!

මෙතනින් බාගමු!


Get Smart (2008) | සෙල්ලම් පෙන්නනවා!!

මැයි 16, 2009

get-smart-one-sheetමේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්නත් පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන..ඒ වගේම ගොඩක් ජනප‍්රිය වුන චිත‍්රපටයක්…මම මේකෙ කතාව කොහොම්ද කියල කියන්නම්..බලනවද නැද්ද කියල ඔයාල තීරණය ක‍රන්න..එක්ත‍රා පුද්ගලයෙක් ඉන්නව රහස් ප‍රීක්ෂකයෙක් ලෙස වැඩ ක‍රන..නමුත් ඔහු අවුරුදු ගානක සිට උත්සාහ කළත් වගකිව යුතු වැඩක් ඔහුට බාර වෙන්නෙ නෑ..දවසක් ඔවුන්ගේ මූලස්ථානයේ වෙන සිද්දියක් නිසා මොහුට බොහොම බ‍රපතල රාජකාරියක් පැව‍රෙනව,හැම තැනදීම වැඩේ අනාගත්තත් ඔහු අන්තිමට දක්ෂයෙක් බව ඔප්පු වෙනව..මිස්ටර් බීන් ගෙ Johnny English චිත‍්රපටයට සමානකම් තියෙනව මුල් ටික..ඒ උනාට කතාව සම්පූර්ණයෙන් වෙනස්..හ‍රිම රසවත්..හොදට හිනා වෙන්නත් පුලුවන්..ඒ වගේම ක‍්රියාදාම වලින්ත් අඩුවක් නෑ..ඒ නිසා කොමඩි වගේම ඇක්ශන් ෆිල්ම් බලන්න ආස අය බලන්න මේක..ලින්ක් එක පහළ ඇති..මේකෙ දෙවනි කොටසකුත් තියෙනව,ඒක මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්..ඒකත් මම ඉක්මනට දෙන්නම්.. 🙂 (මේ ලිපියෙ අකුරු ගොඩක් අවුල් එක සමාවෙන්න..අද Real time unicode converter එක වැඩ ක‍්රන්නෙ නෑ)

මෙන්න මෙතනින් බාගමු! 🙂


The Pink Panther 2 | හී හී හී…හික්z…

මැයි 11, 2009

the-pink-panther-2-movie-posterThe Pink Panther 1  චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරන්චියක් දෙන්නයි මේ හදන්නෙ..මතකනෙThe Pink Panther1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල?මේකත් ඒ වගේම තමයි..හොදට හිනා යනව..ඒ වගෙම කතාවත් හොදයි..මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..ලෝකයේ වටිනාම වස්තූන් හොරකම් කරන පුද්ගලයෙක් ඉන්නව ‘ටොනේඩෝ’ (කුනාටුව ) කියල..ඔහුව අල්ලන්න රටවල් ගනනාවක් තමන්ගෙ හොදම පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හදනව..මේ කණ්ඩායමට ප්‍රංශයෙන් එකතුවෙන නිලදාරිය (කෲසෝ ) ගමන පටන් ගන්නකොටම ප්‍රංශයේ පින්ක් පැන්තර් කියන වටිනා මැණික ‘ටොනේඩෝ’ විසින් හොරකම් කරනව..මේ හොරාව අල්ලන එක තමයි කතාව..ෆිල්ම් එක නම් ඇත්තටම හොදයි..හිනා යනව කෲසෝගෙ ගොන් වැඩ වලට..ආහ්..තව වැදගත් දෙයක් තියෙනව..ඓශ්වර්යා රායිත් මේකෙ ප්‍රධාන චරිතයක් රගපානව..ඒ නිසා තවත් ලස්සනයි චිත්‍රපටය..  😉

මෙන්න මෙතනින් බාගන්න

දැන් මේ දීල තියෙන්නෙ ඩීවීඩී රිප් එකක්.. 🙂


The 40 Year Old Virgin (2005) | :D

මැයි 4, 2009

40-year-old-virgin-poster-300මම මේ කියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් සහිත ගොඩක් ප්‍රසිද්ද උන ෆිල්ම් එකක් ගැන..18+ එකක් උනත් කතාව නම් එළ..රසවත්..විහිලු වලටම සීමා නොවු කතාවක් කියන්න පුලුවන්..මෙන්න මෙහෙමයි ෆිල්ම් එකේ මුල් ටික ගලාගෙන යන්නෙ..එක් පුද්ගලයෙක් ඉන්නව ඔහු කවදාවත් ලිංගිකව හැසිරිලා නෑ කාත් එක්ක වත්..මොහුගෙ වයස 40ක් වෙනව්…දවසක් රැකියා ස්ථානයේ යාලුවන් සමග කතා කර කර ඉද්දි මේ බව ඔහුගෙ කටින් හෙලි වෙනව..මෙතැන් සිට ටික දවසක් යනකම් ඔහුට කට්ටිය විහිලු කරනව..පසුව මේ යාලුවො ටික ඔහුට කියල දෙනව ගැහැණුන් හා සම්බන්දකම් ඇතිකරගන්න විදිය..ඔහු මුලින් අකමැති වුනත් පසුව මේව අත්හදා බලනව…මේ කතාවෙ මුල ටික විතරයි..මේ වැඩ දැක්කම අපිට නම් හිනා යනව..කොහොම උනත් කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙ වෙනස් විදියකට..ටිකක් සංවේදී විදියකට කියන්නත් පුලුවන්..කොමඩියක් වුනත් මේකට හිනා යන එක අඩු වෙන්න්න පුලුවන් නමුත් මගේ අදහස නම් මේක වෙනස් තාලෙ රසවත් කතාවක්..බෑවට පාඩු නෑ.. 😀

Ps:මෙම චිත්‍රපටය සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් 6කට නිර්දේශ වෙලා තියෙනව!

මෙන්න මෙතනින් බාගමු!


Superbad (2007) |හික් හික්..

මැයි 1, 2009

superbad2_large1මේ කියන්න යන්නෙ ටීන් මූවී එකක් ගැන..ඔයාල American Pie චිත්‍රපට මාලාවට ආසද?එහෙනම් බලන්න මේකත්..නමුත් ඒ තරම්ම සැර 😉 නම් නෑ..කොහොම උනත් හොදට හිනා යන රසවත් ෆිල්ම් එකක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..එතකොට තීරණය කරන්න බලනවද නැද්ද කියල..එක්තරා යාලුවො දෙන්නෙක් ඉන්නව පුංචි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන..මේ දෙන්නාගෙ පාසල් දිවියේ අන්තිම කාලයේ සිදුවෙන දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..මේ දෙන්න ටිකක් විතර පාසලෙන් කොන් වුනු දෙන්නෙක්,දවසක් මෙයාලට ගැහැණු ළමයි දෙන්නෙක් කියනව හවස තියෙන පාටියකට එන්න කියල..ඒකට මධ්‍යසාර අරගෙන එන්න පුලුවද කියලත් අහනව..ඔවුන් මේ වැදේ බාරගත්තත් ඔඋන්ගේ වයස 21ට අඩු නිසා නීති විරොධී විදියට තමයි මත්පැන් ගන්න වෙන්නෙ..මෙතැන් සිට තමයි කතාවෙ හොද ටික පටන් ගන්නෙ..මේ දෙන්නට ඒතුවෙන අනිත් යාලුවත් මේ වගේම එක්කෙනෙක්..මේ තුන්දෙනත් එක්ක ඒ දිනයෙදි නටන පිස්සුව තමයි අපිට බලන්න තියෙන්නෙ…ඇත්තටම කොමඩි ෆිල්ම් එකක් ගැන මෙහෙම කිව්වට අදහසක් ගන්න අමාරුයි..American Pie වගේ චිත්‍රපට වලට ආස නම් බලන්න..හොදට හිනා වෙන්න පුලුවන්.. 🙂

මෙන්න මෙතනින් බාගමු


Superhero Movie (2008)

අප්‍රේල් 28, 2009

superheromovie
හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල..එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන..දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න..මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව,එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව..මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ..ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත..ඔවුන්ගේ වැඩත් අමුතුයි..ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව..කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..

ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි..මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. 😀

මෙන්න මෙතනින් බාගන්න!