Get smart’s Bruce And Lloyd Out Of Control (2008) |ඔබත් ස්මාට් ද?

මැයි 21, 2009

tforg-get-smart-s-bruce-lloyd-out-control-freeමම හිතන්නෙ ගොඩක් කට්ටිය ආසාවෙන් බැලුව Get smart චිත්‍රපටය..මේ කියන්න යන්න ඒකෙ හිටපු ප්‍රධාන චරිත දෙකක් වටා ගොඩනැගුන තවත් චිත්‍රපටයක් ගැන..ඔක්කොටම කලින් කස්ටියම ඒ ලිපිය බලල ඒ ෆිල්ම් එක බලන්න..ඊළගට මේ ලිපිය කියවන්න,නැත්නම් තේරෙන එකක් නෑ කතාව..ඒ ෆිල්ම් එක බලපු හැමෝම නම් මේක අනිවාර්‍යෙන් බලයි..මෙන්න මෙහෙමයි කතාව..මතකනෙ පළමු චිත්‍රපටයේ තාක්ෂණික අංශයෙන් වැඩ දාපු මහත පොරයි ජපන් පොරයි?ඒ දෙන්න තමයි මේකෙ ඉන්නෙ..මේ දෙන්න පිස්සු වැඩ කරමින් ඉන්නව..මේ අතරතුර දවසක් මූලස්ථානයෙ වෙන අනපේක්ෂිත සිද්දියක් නිසා මේ දන්නට බාර වෙනව වැදගත් රාජකාරියක් ඉටු කරන්න..හැමතැනදිම අනාගත්තත් හිනා යන විදියට වැඩේ කරනව මේ දෙන්න අන්තිමට..පළමු චිත්‍රපටය තරම් හිනා යන්නෙ නැති උනත් ෆිල්ම් එක හොදයි..කෝකටත් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගමු!


Unbreakable (2000) | කැඩුවොත් බොලාට දෙනව තෑග්ගක්!

මැයි 19, 2009

unbreakableඔන්න ගෙනාව විද්‍යා ප්‍රබන්ධයක්..නමුත් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක්..සාමාන්‍යයෙන් මෙහෙම චිත්‍රපට අඩුයි..ඔන්න මම මේකෙ කතාව කියන්නම් කැමති කට්ටිය බාගන්න..එක්තරා කලු ජාතික කාන්තාවකට දරුවෙක් ලැබෙනව..වෛද්‍යවරයා මේ දරුවාව පරීක්ෂා කරල බලල කියනව ‘මම මේ වගේ දෙයක් කවදාවත් දැකල නෑ,මේ ළමයගෙ අත පය සියල්ලම කැඩිල’ කියල..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..ඔන්න දැන් වර්ථමානයෙ..එක්තරා සුදු ජාතිකයෙක් දුම්රියක ගමන් කරමින් ඉන්නව..ටික වෙලාවකට පසුව ඔහුට අමුත්තක් දැනෙනව..ඔහු රියදුරා දෙස බලනව..ඔහු බොහොම කලබල වෙලා..ඔවු..ඒ සිද්දියත් එතනින් ඉවරයි..දැන් වෙනත් තැනක..ළමයෙක් ටීවී බල බල ඉන්නව..ඔහු චැනල් මාරු කරනකොට දකින්නට ලැබෙන්නෙ විෂේශ ප්‍රවුත්තියක් යනව දරුණු දුම්රිය අණතුරක් ගැන..ඔහුට දැනගන්න ලැබෙනව මේ තමන්ගෙ පියා ගෙදර එනවා යැයි කියූ දුම් රිය බව..දැන් රෝගලේ දර්ශනයක්..මේ අණතුරින් බේරුන එකම පුද්ගලයා තමයි මම අර මුලින් කී සුදු ජාතිකය..ටීවී බලමින් සිටි ළමයාගෙ පියා..මගීන් විශාල ප්‍රමාණයක් මියගිය මේ අනතුරෙන් එක අස්ථි භග්නයක් වත් නැතුව මේ මිනිසා බේරුනේ කොහොමද කියල බලාගන්න ඕන නම් පහළ ළින්ක් එකෙන් ෆිල්ම් එක බාගන්න..සුපිරි වීරයෙකුගේ කථාවක් නාට්‍යමය ස්වරූපයෙන්!

මෙන්න මෙතනින් බාගමු!

සීඩ්ස් නම් අඩුයි ටිකක්..ඒ උනාට කරදරයක් නැතුව බාගන්න පුලුවන්!

No Country for Old Men (2007) | තණ්හා..ආශා….!

මැයි 18, 2009

oබහුත‍්රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ..මේක බොහොම සාමාන්ය කතාවක්,මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව,ඒ උනත් ප‍්රධාන සිද්දියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්ත‍රා භයානක මිණීමරුවෙන් පොලිස් නිලදාරියෙකුත් ම‍රල පැනල යනව..දැන් වෙනත් සිද්දියක්..එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍්රමින් ඉන්නව..ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ..ඌගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව..මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිණී විසිරී ඇති බව..ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍්රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව..එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්..මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ..තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප‍්රමාණයක් අඩංගු බෑගයක්..සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව..නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව..මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව..ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට..ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක! ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව..Crime,Drama,Thriller,Action ආදී ලෙස වර්ගීක‍්රණය ක‍රන්න පුලුවන්,හොද ෆිල්ම් එකක්!

ලොව හොදම චිත‍්රපට අතුරින් 106 වෙනි ස්ථානය හිමි,ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත‍්රපටය

මෙන්න මෙතනින් බාගන්න!


The Usual Suspects (1995) | බලනව නම් මේන්න බඩු!

මැයි 17, 2009

the_usual_suspects_dvdමේ කියන්න යන කතාව ඇත්තටම පැටලිලි සහගත ඒ වගෙම ගොඩක් ලස්සන එකක්..මම හිතන්නෙ මේ ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මෙහෙම කතා තියෙන ෆිල්ම් එන්න ගත්තෙ..ලොව හොදම ෆිල්ම් අත‍රෙන් 22 වන ස්ථානයේ තියෙන මේ ෆිල්ම් එක ඕනම කෙනෙක් බැලිය යුතු ෆිල්ම් එකක්..ඔයාලට මේකෙ කතාව කියන්න මට ආයෙ මේ ෆිල්ම් එකේ මුල් ටික බලන්න උනා..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්ත‍රා නැවක මිනී මැරුම් ගනනාවක් වෙනව..අන්තිමට ඒ නැවත් ගිනි ගන්නව..මේ සිද්දිය මුල් ක‍රගෙන තමයි කතාව පටන් ගන්නෙ..ඇත්තටම පිළිවෙලට ලියන්නත් අමාරුයි..දැන් මීට මාස 6කට කලින් වුන සිද්දියක් කියන්න යන්නෙ..එක්ත‍රා තුවක්කු පිරවූ ලොරියක් පැහැරගැනීමකට සැකපිට පුද්ගලයන් 5ක් අතඩංගුවට ගන්නව..මොවුන් එකිනෙකාව අදුරන්නෙ නෑ..මේ අය සිරගෙද‍රදි අදුරගන්න අත‍ර පසුව එකට වැඩ ක‍රන්න ගන්නව..දැන් ආයෙත් වර්ථමානයේ..මේ සිද්දිය කියන්නෙ මේ පුද්ගලයන් 5 දෙනාගෙන් එක්කෙනෙක්,ඉතුරු 4 දෙනාම මියගිහින්,ඔවුන්ගේ මිනී තියෙනව අර මම මුලින්ම කිව්ව නැවේ..මේ ඉතුරු වුන පුද්ගලයාගෙ කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ ෆිල්ම් එකේ..ආහ්..ඔවු මම දන්නව විස්ත‍රේ නම් බ‍රපතල විදියට පැටලිලි සහගතයි කියල..ඇත්තටම කතාවත් ටිකක් එහෙමයි..ක‍්රියාදාම,අභිරහස්,අප‍රාධ ආදිය අඩංගු චිත‍්රපට බලන්න ආස හැමෝම බැලිය යුතු චිත‍්රපටයක්..

ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 22ක් දිනාගත් මෙම

චිත‍්රපටය මෙන්න මෙතනින් බාගන්න!


Get Smart (2008) | සෙල්ලම් පෙන්නනවා!!

මැයි 16, 2009

get-smart-one-sheetමේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්නත් පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන..ඒ වගේම ගොඩක් ජනප‍්රිය වුන චිත‍්රපටයක්…මම මේකෙ කතාව කොහොම්ද කියල කියන්නම්..බලනවද නැද්ද කියල ඔයාල තීරණය ක‍රන්න..එක්ත‍රා පුද්ගලයෙක් ඉන්නව රහස් ප‍රීක්ෂකයෙක් ලෙස වැඩ ක‍රන..නමුත් ඔහු අවුරුදු ගානක සිට උත්සාහ කළත් වගකිව යුතු වැඩක් ඔහුට බාර වෙන්නෙ නෑ..දවසක් ඔවුන්ගේ මූලස්ථානයේ වෙන සිද්දියක් නිසා මොහුට බොහොම බ‍රපතල රාජකාරියක් පැව‍රෙනව,හැම තැනදීම වැඩේ අනාගත්තත් ඔහු අන්තිමට දක්ෂයෙක් බව ඔප්පු වෙනව..මිස්ටර් බීන් ගෙ Johnny English චිත‍්රපටයට සමානකම් තියෙනව මුල් ටික..ඒ උනාට කතාව සම්පූර්ණයෙන් වෙනස්..හ‍රිම රසවත්..හොදට හිනා වෙන්නත් පුලුවන්..ඒ වගේම ක‍්රියාදාම වලින්ත් අඩුවක් නෑ..ඒ නිසා කොමඩි වගේම ඇක්ශන් ෆිල්ම් බලන්න ආස අය බලන්න මේක..ලින්ක් එක පහළ ඇති..මේකෙ දෙවනි කොටසකුත් තියෙනව,ඒක මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්..ඒකත් මම ඉක්මනට දෙන්නම්.. 🙂 (මේ ලිපියෙ අකුරු ගොඩක් අවුල් එක සමාවෙන්න..අද Real time unicode converter එක වැඩ ක‍්රන්නෙ නෑ)

මෙන්න මෙතනින් බාගමු! 🙂


Gran Torino (2008) | රළුයි,සංවේදීයි,දුකයි,බලාපං!

මැයි 15, 2009

grantorinoposterහ්ම්ම්..මේ කියන්නෙ යන්නෙ 2008දි ආව ෆිල්ම් අතුරින් මගේ ඇසට කදුලක් නංවන්න පුලුවන් උන එකම ෆිල්ම් එක ගැන..ඒ වගේම මීට කලින් කවදාවත් IMDB වල ෆිල්ම් එකක රේට් කරපු නැති මම මේ ෆිල්ම් එක රේට් කරන්න ඕන නිසාම IMDB එකේ රෙජිස්ටර් උනා..ඒ මම ගැන නේ..දැන් ෆිල්ම් එක ගැන බලමු..ෆිල්ම් එකේ පෙන්නන මුල් ටික ඒ පිලිවෙලටම ඔයාලට කියන්න යන්නෙ නෑ මෙතනදි..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා මහළු පුද්ගලයෙක් ඉන්නව,ඔහුගේ බිරිද ළගදී මිය ගිහින්..ඒ වගේම ළමයින්ත් වෙනත් ගෙවල් වල වෙසෙන නිසා ඔහු ගෙදර තනි වෙනව..ඔහුගේ ගෙදර වටේටම ඉන්නෙ ඇමරිකාවට වෙනත් රටවල් වලින් පැමිණ පදිංචි වූ කට්ටිය..බොහොම රළු ගතිපැවතුම් තියෙන මේ පුද්ගලයගෙ ජීවිතය වෙනස් කරමින් ඔහුව සතුටින් තියන්න ඔහුගේ පැරණි Gran Torino  කාරය හොරකම් කරන්න පැමිණි හොරෙකුට හැකි වෙනව..ඒ වෙනස් වෙන්නෙ බොහොම සංවේදී විදියට..අවසානයේ ඇසට කදුලක් නංවන මේ චිත්‍රපටය ඇත්තටම හොදට රසවිදින්න පුලුවන් එකක්!
මම කිව්ව විස්තරේ අහල මේක බලන්න හිතුනෙ නැත්නම් මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය IMDB පෙලගැස්ම අනුව හොදම චිත්‍රපට අතුරින් 77 වන ස්ථානයෙයි තියෙන්නෙ..දැන් වත් බලනවද?

මෙන්න මෙතනින් බාගන්න!


American Beauty (1999) | නෑ නෑ වැලක් නෙවෙයි!

මැයි 14, 2009

american_beauty1බලමුද ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 84ක් දිනාගෙන තියෙන කතාවක්?වැඩි දෙයක් කියන්න ඕන නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක හොද එකක් කියල..එහෙනම් ඔන්න මම කියන්න කතාව කොහොම එකක්ද කියල..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ඔහු තමන්ගේ පවුලින්ම කොන් වී තමයි ජීවත් වෙන්නෙ..කාටවත් ඔහුව වැදගත් කෙනෙක් නෙවෙයි..තම බිරිද,දියණිය පවා ඔහුව ගනන් ගන්නෙ නෑ..දවසක් මොහු යනව දියණිය සහභාගී වන ක්‍රීඩා තරගයක් බලන්න..එහිදි දුවගෙ යාලුවට මොහුගෙ හිත යනව..එතැන් සිට ඇත්තටම් මොහු වෙනස් කෙනෙක් වෙනව..ව්‍යායාම කරනව,සතුටින් ඉන්නව ඒ වගේම ඇය ගැන හීන මවනව..මේ අතරතුර ප්‍රශ්ණ වලින් හිත අවුල් කරගෙන හිටපු ඔහුගේ දියණියත් ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනව(ඒ සුවිශේෂී තරුණයෙක් සමග )..ඔහුගේ බිරිදගෙත් ජීවිත වෙනස් වෙනව..මේ ජීවිතත් ඔවුන් වටා සිටිය පිරිස ඒවට සම්බන්ද වෙන අයුරුත් තමයි කතාවෙ පෙන්නන්නෙ..ඇත්තටම මෙ ලිපියෙන් කියන්න බැරි තරම් ගැඹුරු අර්ථයක් තියෙනව චිත්‍රපටයේ..සමලිංගිකත්වය,අනියම් සබදතා,ජීවිතය රසවිදිය හැටි,ආදරය ආදි පුළුල් මාතෘකා රාශියක් මේ චිත්‍රපටයෙන් කතා වෙනව..මම නම් කියන්නෙ අනිවාර්‍යෙන් බලන්න කියලයි..

IMDB  වර්ගීකරණය අනුව ලොව හොදම චිත්‍රපට අතුරින් 36 වන ස්ථානයෙයි මේ ෆිල්ම් එක තියෙන්නෙ..එතනට ආවෙ ඇයි කියල මෙක බැලුවොත් තේරෙයි..බාගමු නේ?

මෙන්න ලින්ක් එක!


Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

මැයි 13, 2009

farcry1මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව පටන් ගන්නෙ..මම ඉහත කී සිද්දිය හමුදා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක්..මේ දූපතේ සිදුවන හමුදා අත්හදාබැලීම් ගැන දැනගන්න ලැබුන පත්තර වාර්ථාකාරියක් මේ ගැන හොයන්න බොට්ටුවකින් දූපතට යනව..එහිදි ඇයව අහුවෙනව..ඇය පැමිණි බොට්ටුවෙ රියදුරාටත් මේ දූපතට එන්න වෙනව..මේ දෙන්නත් හමුදාවේ නවතම නිර්මාණයත් අතර තමයි කතාව ගෙඩනැගිල තියෙන්නෙ.. Universal Soldier (1992) චිත්‍රපටයෙත් ළගදි ආව තවත් චිත්‍රපටයකත් මේ කතාව තියෙනව..එහෙනම් බාගමු නෙ?

Blaa blaa:- ඔයාල ඉස්සර ටීවී එකේ ගිය කෝනෑන් කතා මාලාව බැලුවද?ඒකෙ ප්‍රධාන චරිතය රගපාන පොරත් ඉන්නව මේකෙ..  😀

මෙන්න මෙතනින් බාගමු!


Taking Chance (2009) | වෙනසකටත් එක්ක බලමු!

මැයි 12, 2009

taking-chanceමේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් අලලා තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ..මම නම් ආසාවෙන් බැලුව..හැබැයි කලබලකාරී චිත්‍රපටයක් නෙවෙයි..කතාව එක් සිදුවීමක් වටා හෙමින් ගලාගෙන යනව..අනිත් ෆිල්ම් වල වගේ නෙවෙයි මට මේකෙ සම්පූර්ණ කතාවම කියන්න පුලුවන්,මොකද මේකෙ අභිරහස් ගතියක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව යුද්ධයෙන් මැරුම්කන සෙබලුන්ගේ මිණී ඔවුන්ගේ ගෙවල් වෙත අරගෙන යාමට..ඇත්තටම මේක අපි හිතනවට වඩා සංවේදී,ගවුරවාන්විත කටයුත්තක්..කතා නායකය එක් රනවිරුවෙක්ගේ සිරුර අරගෙන ඔහුගේ ගමට යනවිට සිදුවන දේවල්..ඔහුගේ මනස වැඩකරන හැටි,ඔහුට හමුවන පුද්ගලයන් ඔහුට සලකන හැටි ආදිය තමයි මේකෙන් අපිට බලන්න තියෙන්නෙ..ඇත්තටම සංවේදී මාතෘකාවක්..බලන්න ආස හිතුන නම් ලින්ක් එක පහළ ඇති! (අහ් මේක බැලුවොත් කල්පනා කරල බලන්න සංවාදෙකට හොද මාතෘකාවක් තියනව නේද කීයල..)

මෙන්න මෙතනින් බාගන්න!


The Pink Panther 2 | හී හී හී…හික්z…

මැයි 11, 2009

the-pink-panther-2-movie-posterThe Pink Panther 1  චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරන්චියක් දෙන්නයි මේ හදන්නෙ..මතකනෙThe Pink Panther1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල?මේකත් ඒ වගේම තමයි..හොදට හිනා යනව..ඒ වගෙම කතාවත් හොදයි..මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..ලෝකයේ වටිනාම වස්තූන් හොරකම් කරන පුද්ගලයෙක් ඉන්නව ‘ටොනේඩෝ’ (කුනාටුව ) කියල..ඔහුව අල්ලන්න රටවල් ගනනාවක් තමන්ගෙ හොදම පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හදනව..මේ කණ්ඩායමට ප්‍රංශයෙන් එකතුවෙන නිලදාරිය (කෲසෝ ) ගමන පටන් ගන්නකොටම ප්‍රංශයේ පින්ක් පැන්තර් කියන වටිනා මැණික ‘ටොනේඩෝ’ විසින් හොරකම් කරනව..මේ හොරාව අල්ලන එක තමයි කතාව..ෆිල්ම් එක නම් ඇත්තටම හොදයි..හිනා යනව කෲසෝගෙ ගොන් වැඩ වලට..ආහ්..තව වැදගත් දෙයක් තියෙනව..ඓශ්වර්යා රායිත් මේකෙ ප්‍රධාන චරිතයක් රගපානව..ඒ නිසා තවත් ලස්සනයි චිත්‍රපටය..  😉

මෙන්න මෙතනින් බාගන්න

දැන් මේ දීල තියෙන්නෙ ඩීවීඩී රිප් එකක්.. 🙂