American Beauty (1999) | නෑ නෑ වැලක් නෙවෙයි!

මැයි 14, 2009

american_beauty1බලමුද ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 84ක් දිනාගෙන තියෙන කතාවක්?වැඩි දෙයක් කියන්න ඕන නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක හොද එකක් කියල..එහෙනම් ඔන්න මම කියන්න කතාව කොහොම එකක්ද කියල..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ඔහු තමන්ගේ පවුලින්ම කොන් වී තමයි ජීවත් වෙන්නෙ..කාටවත් ඔහුව වැදගත් කෙනෙක් නෙවෙයි..තම බිරිද,දියණිය පවා ඔහුව ගනන් ගන්නෙ නෑ..දවසක් මොහු යනව දියණිය සහභාගී වන ක්‍රීඩා තරගයක් බලන්න..එහිදි දුවගෙ යාලුවට මොහුගෙ හිත යනව..එතැන් සිට ඇත්තටම් මොහු වෙනස් කෙනෙක් වෙනව..ව්‍යායාම කරනව,සතුටින් ඉන්නව ඒ වගේම ඇය ගැන හීන මවනව..මේ අතරතුර ප්‍රශ්ණ වලින් හිත අවුල් කරගෙන හිටපු ඔහුගේ දියණියත් ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනව(ඒ සුවිශේෂී තරුණයෙක් සමග )..ඔහුගේ බිරිදගෙත් ජීවිත වෙනස් වෙනව..මේ ජීවිතත් ඔවුන් වටා සිටිය පිරිස ඒවට සම්බන්ද වෙන අයුරුත් තමයි කතාවෙ පෙන්නන්නෙ..ඇත්තටම මෙ ලිපියෙන් කියන්න බැරි තරම් ගැඹුරු අර්ථයක් තියෙනව චිත්‍රපටයේ..සමලිංගිකත්වය,අනියම් සබදතා,ජීවිතය රසවිදිය හැටි,ආදරය ආදි පුළුල් මාතෘකා රාශියක් මේ චිත්‍රපටයෙන් කතා වෙනව..මම නම් කියන්නෙ අනිවාර්‍යෙන් බලන්න කියලයි..

IMDB  වර්ගීකරණය අනුව ලොව හොදම චිත්‍රපට අතුරින් 36 වන ස්ථානයෙයි මේ ෆිල්ම් එක තියෙන්නෙ..එතනට ආවෙ ඇයි කියල මෙක බැලුවොත් තේරෙයි..බාගමු නේ?

මෙන්න ලින්ක් එක!


Taking Chance (2009) | වෙනසකටත් එක්ක බලමු!

මැයි 12, 2009

taking-chanceමේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් අලලා තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ..මම නම් ආසාවෙන් බැලුව..හැබැයි කලබලකාරී චිත්‍රපටයක් නෙවෙයි..කතාව එක් සිදුවීමක් වටා හෙමින් ගලාගෙන යනව..අනිත් ෆිල්ම් වල වගේ නෙවෙයි මට මේකෙ සම්පූර්ණ කතාවම කියන්න පුලුවන්,මොකද මේකෙ අභිරහස් ගතියක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව යුද්ධයෙන් මැරුම්කන සෙබලුන්ගේ මිණී ඔවුන්ගේ ගෙවල් වෙත අරගෙන යාමට..ඇත්තටම මේක අපි හිතනවට වඩා සංවේදී,ගවුරවාන්විත කටයුත්තක්..කතා නායකය එක් රනවිරුවෙක්ගේ සිරුර අරගෙන ඔහුගේ ගමට යනවිට සිදුවන දේවල්..ඔහුගේ මනස වැඩකරන හැටි,ඔහුට හමුවන පුද්ගලයන් ඔහුට සලකන හැටි ආදිය තමයි මේකෙන් අපිට බලන්න තියෙන්නෙ..ඇත්තටම සංවේදී මාතෘකාවක්..බලන්න ආස හිතුන නම් ලින්ක් එක පහළ ඇති! (අහ් මේක බැලුවොත් කල්පනා කරල බලන්න සංවාදෙකට හොද මාතෘකාවක් තියනව නේද කීයල..)

මෙන්න මෙතනින් බාගන්න!


Push (2009) | තල්ලු කරපාං..!

මැයි 10, 2009

push2_largeඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් ඉපදෙනව..සමහරුන්ට අනාගතය දකින්න පුලුවන්,සමහරුන්ට අල්ලන්නෙ නැතුව යම් යම් දේ එහා මෙහා චලනය කරන්න පුලුවන්,සමහරුන්ට අතීතය කියන්න පුලුවන්..ඒ වගෙම ටික දෙකෙන්ට තවත් විදේශ දේවල් කරනත් පුලුවන්” මේ ඒ අයගේ කතාවයි..හ්ම්ම්ම්…දැන් කතාවෙ කට්ටිය ගැන අවබෝධයක් තියෙනවනෙ (චරිත වල නම් Heroes ටෙලිනාට්‍ය මාලාවට සමානකම් තියෙනව..නමුත් කතාව වෙනස්..)..කතාව ගැනත් කිව්වොත් මේ විෂේශ අය අරගෙන පරීක්ෂන කරන/මරණ කණ්ඩායමක් ඉන්නව ‘ඩිවිෂන්’කියල..ඔවුන්ත් මේ අයත් අතර කතාවයි මෙහි දැක්වෙන්නෙ..වෙනසකටත් එක්ක හොද කතාවක්..එහෙනම් ඔන්න බාගන්න..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගන්න

(මේ දීල තියෙන කොපි එකේ පහළ පොඩි කොටසක් බොද කරල තියෙනව..බොහෝ දුරට ඒ වෙනත් බාශාවක උපසිරැස තිබු ස්ථානය වෙන්නැති,ෆිල්ම් එක බලන්න ඒකෙන් කරදරයක් නෑ )


Crank: High Voltage (2009) | අෆොයි!

මැයි 9, 2009

crank-high-voltage1හ්ම්ම්ම්…මෙහෙම ෆිල්ම් ගැන නම් කියන්න වෙන්නෙ කලාතුරකින්..මොකද හැම ෆිල්ම් එකකම මොකක් හරි හොදක් තියෙනව..නමුත් මේ ෆිල්ම් එකේ කිසිම හොදක් මම නම් දැක්කෙ නෑ..මේකෙ පළවෙනි ෆිල්ම් එකත් මෙහෙමයි..නමුත් මීට වඩා නම් හොදයි කියන්න පුලුවන්..මම තෙවනියට ආසම නලුව මේ වගේ ෆිල්ම් එකක රගපානව දැක්කමත් දුකයි මට..හ්ම්ම්..කතාව ගැන නම් කියන්න දෙයක් නෑ..එක්තරා පුද්ගලයෙක්ගෙ හදවත් වෙනුවට යන්ත්‍රයක් දානව..ඒක නිතරම ආරෝපණය කරන්න ඕන..මේ යාන්ත්‍රික හදවතක් සහිත මිනිසා ඔහුගෙ අරමුණ කරා යන හැටි තමයි මේකෙන් පෙන්වන්නෙ..කොහොම උනත් මේකත් අසාමාන්‍ය විදියට ලේ පෙන්නන,අමුතුම කැමරා කෝණ භාවිතා කරන..පිලිගන්න අමාරු චිත්‍රපටයක්..ඒ වගේම අනවශ්‍ය ලෙස නිරුවත් දර්ශන චිත්‍රපට පුරාම යොදාගෙන තියෙනව..හ්ම්ම්ම්..නමුත් මම මේ ගැන IMDB එකේ හොයල බලද්දි දැක්ක 7.3/10ක් රේටින්ග්ස් තියෙනව..පුදුමයි..මට මේක කොච්චර අල්ලල ගියෙ නැතත් මේකට ආස අය ඉන්න බව පැහැදිලියි ඒකෙන්..මම මේකට ආස නැති එක මගේ වරදක්ද මන්ද..බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න!ලින්ක් එක පහළ ඇති!

බානව නම් මෙතන කොටන්න!


Forrest Gump (1994) | වාසනාවන්තයෝ බලන්න!

මැයි 8, 2009

forrest-gump-posterඅද වැදගත් දවසක් නිසා වැදගත් ලස්සන ෆිල්ම් එකක් ගැන කියන්න හිතුන..මුලින්ම කියන්න ඕන මම මේක බෑවෙ චමිතගේ සිහින කොදෙව්වෙ තිබුන ලිපියක් දැකල..ඇත්තමයි මේ ගැන වර්ණනා කරන්න වචන මදි මට..මානසික වර්ධනය අඩු පුද්ගලයෙකුගේ ඇසින් බොහොම සරළ විදියට ලෝකය දකින හැටි තමයි මේකෙන් දක්වන්නෙ..මේ චරිතයේ සුවිශේෂී ලක්ෂන ගොඩක් තියෙනව..ඔහු දෙයක් කරන්න ගියොත් ඒක උපරිමෙන් කරනව වෙන කිසි දෙයක් ගැන හිතන් නැතුව..ඒ වගේම යම් පමණක වාසනාවකුත් ඔහුට තියෙනව..මම දැන් කතාවෙන් ටිකක් කියන්නම්..එක්තරා ළමයෙක් ඉන්නව කකුල් වල ආභාද සහිත,ඒ වගේම මේ ළමයගෙ බුද්ධි වර්ධනයත් අඩුයි පොඩි කාලෙ..කොහොම හරි මේ ළමයට කුඩා කාලයේම හොද යෙහිලියක් හම්බෙනව..ඇයත් එක්කම ඔහුත් උසමහත් වෙනව..ඔහුගේ ජීවිතය ගෙවෙන අයුරු තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..පුදුම සංවේදි කතාවක්..බලන්න පටන් ගත්තම එක මොහොතකට වත් කතාවෙන් බාහිර දේවල් හිතට එන්නෙ නෑ..ඇත්තටම මෙහෙම පොඩි ලිපියකින් මේ කතාව බලනකොට අපේ හිත වැඩ කරන හැටි ගැන ලියන්න බෑ..ඒ නිසා කතාව බලන්න කියලමයි මම කියන්නෙ..ඇත්තටම පුදුම ලස්සන කතාවක්!

හ්ම්ම්..මේ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න හිතුනෙ නැද්ද?කමක් නෑ..මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 6ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 38ක ට නිර්දේෂ වී 32ක් දිනාගෙන තියෙනව..ඒ වගේම IMDB වර්ගීකර්ණය අනුව ලොව හොදම/ජනප්‍රියම චිත්‍රපට අතුරින් 42වන ස්ථානයෙයි මේක තියෙන්නෙ..

මෙන්න මෙතනින් බාගමු!


Dragonball Evolution (2009) | හ්ම්ම්ම්..

මැයි 6, 2009

dragonball-evolutionDragonball Evolution ඉක්මනට බාගන්න ඕන කියල හිතුනෙ මේක ලංකාවෙ ෆිල්ම් හෝල් වල ගිය නිසත් ටීවී එකේ නිතරම වෙලද දැන්වීම් දැම්ම නිසත්..මට නම් කියන්න බෑ මේක සාර්ථක ෆිල්ම් එකක් කියල..ටිකක් Chandni Chowk To China වගෙයි..වර්ණවත් වගෙම තාක්ෂණික නිර්මාණ වැඩි එකක්..කොහොම උනත් මම කතාව කියන්නම්..එක්තරා තරුණයෙක්ට ඔහුගේ සීයා සටන් කරන්න උගන්නනව,මේ දෙන්නටම අසාමාන්‍ය බලයන් එහෙම තියෙනව..කොහොම හරි සීය දවසක් තරුණයට දෙනව එක්තරා බෝලයක්..ඒක දීල කතාවකුත් කියනව..එක්තරා බලවත් පුද්ගලයෙක් අවුරුදු දහස් ගනනකට කලින් මේ ලෝකය විනාශ කල හැටිත් ඒකත් මේ බෝල වල ඇති සම්බන්දකමත් කියල දෙනව..කොහොම හරි මේ බලවත් පුද්ගලය ආයෙ ඇවිත් ලෝකය විනාශ කරන්න හදන හැටිත් මේ සටනේදි මේ තරුණය ඇතුලු ඔහුගේ යාලුවො කට්ටිය ක්‍රියාකරන හැටිත් තමයි ෆිල්ම් එක පෙන්නන්නෙ..අධ්‍යක්ෂකවරයා මීට වඩා වෙනස් ඇසකින් කතාව දිහා බැලුව නම් මේක මීට වඩා සාර්ථක වෙන්න තිබ්බ..කොහොම උනත් ලින්ක් එක පහළ ඇති..බාලම බලාගන්නකො..

මෙන්න ලින්ක් එක!


The 40 Year Old Virgin (2005) | :D

මැයි 4, 2009

40-year-old-virgin-poster-300මම මේ කියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් සහිත ගොඩක් ප්‍රසිද්ද උන ෆිල්ම් එකක් ගැන..18+ එකක් උනත් කතාව නම් එළ..රසවත්..විහිලු වලටම සීමා නොවු කතාවක් කියන්න පුලුවන්..මෙන්න මෙහෙමයි ෆිල්ම් එකේ මුල් ටික ගලාගෙන යන්නෙ..එක් පුද්ගලයෙක් ඉන්නව ඔහු කවදාවත් ලිංගිකව හැසිරිලා නෑ කාත් එක්ක වත්..මොහුගෙ වයස 40ක් වෙනව්…දවසක් රැකියා ස්ථානයේ යාලුවන් සමග කතා කර කර ඉද්දි මේ බව ඔහුගෙ කටින් හෙලි වෙනව..මෙතැන් සිට ටික දවසක් යනකම් ඔහුට කට්ටිය විහිලු කරනව..පසුව මේ යාලුවො ටික ඔහුට කියල දෙනව ගැහැණුන් හා සම්බන්දකම් ඇතිකරගන්න විදිය..ඔහු මුලින් අකමැති වුනත් පසුව මේව අත්හදා බලනව…මේ කතාවෙ මුල ටික විතරයි..මේ වැඩ දැක්කම අපිට නම් හිනා යනව..කොහොම උනත් කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙ වෙනස් විදියකට..ටිකක් සංවේදී විදියකට කියන්නත් පුලුවන්..කොමඩියක් වුනත් මේකට හිනා යන එක අඩු වෙන්න්න පුලුවන් නමුත් මගේ අදහස නම් මේක වෙනස් තාලෙ රසවත් කතාවක්..බෑවට පාඩු නෑ.. 😀

Ps:මෙම චිත්‍රපටය සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් 6කට නිර්දේශ වෙලා තියෙනව!

මෙන්න මෙතනින් බාගමු!


My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

මැයි 2, 2009

my-sassy-girl-usමේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ දෙන්නා අතර කතාවක් ඇති වෙන්නෙ නෑ..නමුත් එතැන ඇය සිටින්නෙ බොහොම බීමත්ව..එකපාරම ඇය සිහි නැතිව ඇදගෙන වැටෙනව..අමුතුයි නේ?ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නෙ..මේ තරුණියගෙ අමුතු ගති පැවතුම් නිසාම මේකත් වෙනස් චිත්‍රපටයක් වෙලා තියෙනව..පසු කාලීනව මේ දෙන්න අතරෙ ඇති වෙන්නෙත් අමුතු විදියේ පොරොන්දු..ඒ වගෙම මේ කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙති වෙනස් විදියකට..වෙනස් විදියක ආදර කතාවක් බලන්න ඕන නම් ලින්ක් එක පහළ ඇති.. 🙂

මෙන්න මෙතනින් බාගමු!


Crash (2004/I) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!

අප්‍රේල් 29, 2009

[poll id=”2″]crash2004
මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!

මෙන්න මෙතනින් බාගන්න!

Superhero Movie (2008)

අප්‍රේල් 28, 2009

superheromovie
හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල..එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන..දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න..මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව,එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව..මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ..ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත..ඔවුන්ගේ වැඩත් අමුතුයි..ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව..කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..

ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි..මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. 😀

මෙන්න මෙතනින් බාගන්න!