The Patriot (2000) | සෙනෙහස වෙනුවෙන්….

200px-patriot_promo_posterඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ ආරාධනයෙන් පලවෙනි සටහන ලියනවා.මම බලපු ගොඩක් සංවේදි කතාවලින් එකක් තමයි මේක. ටිකක් විතර මේ කතාව පරණ උනත් යුද්ධයක් වෙනුවෙන් සෙබලෙක් කරන්න සිදුවෙන කැපකිරීම් ගැනයි මේ කතාව.
කතාව මෙහෙමයි,  18 වෙනි ශතවර්ෂයේ ඇමෙරිකාව යටත් කරගෙන උන්නු ඛ්‍රිතාන්‍ය ත්  සමග ඇමෙරිකානු හමුදාව  යුද්ධ කරන කාලේ බෙන්ජමින් මාර්ටින් (මෙල් ගිබ්සන්) ගොවිපොලක් පවත්වගෙන යමින්, මව අහිමි තම දරුවන් සමග වාසය කරමින් ඉන්නවා. ඔහු ඊට කාලෙකට පෙර පැවති ප්‍රංශ යුද්ධයේ දක්ෂ සොල්දාදුවෙක් උනත්, එයින් ඇතිවූ කලකිරීම මත යුද්ධයට විරුද්ධ වෙනවා. නමුත් තමාගේ වැඩිමල් පුතා බලෙන්ම හමුදාවට බැඳී යුද්ධයට පිටත් වෙනවා.
දිනක් රෑ තම පුතා තුවාල ලබා ගෙදරට එනවා. පසුදින ඛ්‍රිතාන්‍ය න් ලුහුබැඳ පැමිණ තම නිවස පිලිස්සීමට අණ කොට පුතාව එල්ලා මැරීම සඳහා රැගෙන යන්න හදන විට ඊට විරුද්ධ වෙන දෙවෙනි පුතාව ඔහු ඉදිරි පිටම මරා දමනවා.
ඉන්පසු,,,,,,,නෑ මින් එහාට කතාව බැලීම ඔබට බාරයි.මම මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ TV එකෙන්.ගොඩක් දෙනා සමහර විට බලලත් ඇති දැනටමත්.ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියනවනම් මේක ඔස්කාර් ඇතුලු සම්මාන 20 කට නොමිනේට් වෙලා ඉන් 8 දිනා තියෙනවා.

මෙන්න මෙතනින් බාගමු!

  • මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

16 Responses to The Patriot (2000) | සෙනෙහස වෙනුවෙන්….

  1. මනුශාන් පවසයි:

    එළකිරි මමත් ඔක බැලුවා වගේ මතකයි අයෙත් බලන්න ඔනේ

  2. මනුශාන් පවසයි:

    මේ ලගකදි මනුතාපය කියලා එකක් ටීවී එකේ පෙන්නුවේ එහෙම දන්න කෙනෙක් නැද්ද මට ඒක බලන්න ආසයි ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටි බලන්න තමා මගේ කැමැත්ත 😉

  3. Subhash පවසයි:

    @Manushan,

    Oya itihasaya gana films balanan asai nam
    “Kingdom of Heaven” Film eka hoyala balanna

    sira film ekak.

  4. සියදෝරිස් පවසයි:

    @මනුෂාන්
    les miserable කියන්නේ මනුතාපය තමා.
    මෙන්න බලනවනම් චිත්තරපටි..ඔක්කොම පරණ එව්වා. හැබැයි දහපාරක් හරි බලන්ට පුළුවන්..
    Gladiator, Brave heart, Kingdom of Heaven, King Arthur, The Last Samurai

  5. පොතේ ගුරා පවසයි:

    @සියදෝරිස් ! ඇත්තටම නියම ෆිල්ම් ටික..මමත් ඔය ඔක්කොම බලල තියෙනව..ඕන කෙනෙක් බය නැතුව බාගන්න..ෆිල්ම් ටික එළ!

  6. රොයිලි පවසයි:

    ඔන්න එහෙනම් මාත් පොතේ ගුරාගේ උදව් වෙන් පලමු සටහන දා ගත්තා. ස්තූති වෙන්න ඕනා. 😉

  7. මනුශාන් පවසයි:

    @ සියදෝරිස්, Subhash
    ස්තුතියි බලන්න ඔනේ චිත්තර පටි එකතුවට ස්තුතියි .

  8. පවසයි:

    මේක එළ Film එක මන් MC එකේ බැලුවේ Full සිරා

  9. උදාර පවසයි:

    මගේ මතකේ හැටියට මේ බයිස්කෝප් එක සිරසේ ගියා… දේශහිතෛශියා තමයි තේරුම… ලස්සන කථාවක්… ගොඩාක් කාලෙකට කලින් ස්වර්ණවාහිණියේ දැම්මා මැජෙස්ටික් සිටි එකේ තිරගත වෙනවා කියලා…

  10. Subhash පවසයි:

    මේ ෆිල්ම් එක බොහෝම කාලෙකට කලින් මම බැලුවෙ. හරිම සOවේදී කතාවක් අඩOගු ෆිල්ම් එකක් කියලා තමයි මතකයේ තියෙන්නෙ. දෙන්නටම ගොඩක් ස්තූතියි මේක එකතු කලාට. අද හෙටම බාගෙන බලන්න ඕන.

  11. zoniczz පවසයි:

    දැන් තමා කතාව බැලුවෙ…මැක්සා පහර බන්…තෑන්ක්ස්

  12. ‍‍‍තෙපුල් පවසයි:

    දෙවෙනි ලෝක යුද්ධය ගැන නිර්මාණය කරපු ලස්සන චිත්‍රපටියක් තියෙනවා “Enemy at the Gates” කියලා. ඒක ඇත්ත කතාවක් ආශ්‍රයෙන් හදලා තියෙන්නේ. පුලුවන් නම් හොයගෙන බලන්න වටිනවා.

  13. muthunayake පවසයි:

    මේ කාතාව නම් බලල ගොඩක් කල් එලම එල. විරුද්ද පැත්තේ එකා ගොනාට ඇන්දවීම සහ ලමයි එක්ක කරන ගරිල්ලා ගේම තාම මතකයි

  14. මම මේක අද බැලුවා. කතා දෙකක් නෑ නියමයි !

  15. ඉලුමිනාටි පවසයි:

    මෙල් ගිබ්සොන් කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් තමා ඉතින්.
    පැශන් ඔෆ් ද ක්‍රයිස්ත්, ඇපකැලිප්ටො, චිකන් රන්, මචාතේ, බ්ලැක් හෝක් ඩව්න්, බ්‍රේව්හාට, 300, වගේ පට්ටම පින්තූර ගහපු මෑන් කෙනෙක්.

    සබ් දුන්නට ප්‍රනාමය…

ප්‍රතිචාරයක් ලබාදෙන්න