Gran Torino (2008) | රළුයි,සංවේදීයි,දුකයි,බලාපං!

grantorinoposterහ්ම්ම්..මේ කියන්නෙ යන්නෙ 2008දි ආව ෆිල්ම් අතුරින් මගේ ඇසට කදුලක් නංවන්න පුලුවන් උන එකම ෆිල්ම් එක ගැන..ඒ වගේම මීට කලින් කවදාවත් IMDB වල ෆිල්ම් එකක රේට් කරපු නැති මම මේ ෆිල්ම් එක රේට් කරන්න ඕන නිසාම IMDB එකේ රෙජිස්ටර් උනා..ඒ මම ගැන නේ..දැන් ෆිල්ම් එක ගැන බලමු..ෆිල්ම් එකේ පෙන්නන මුල් ටික ඒ පිලිවෙලටම ඔයාලට කියන්න යන්නෙ නෑ මෙතනදි..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා මහළු පුද්ගලයෙක් ඉන්නව,ඔහුගේ බිරිද ළගදී මිය ගිහින්..ඒ වගේම ළමයින්ත් වෙනත් ගෙවල් වල වෙසෙන නිසා ඔහු ගෙදර තනි වෙනව..ඔහුගේ ගෙදර වටේටම ඉන්නෙ ඇමරිකාවට වෙනත් රටවල් වලින් පැමිණ පදිංචි වූ කට්ටිය..බොහොම රළු ගතිපැවතුම් තියෙන මේ පුද්ගලයගෙ ජීවිතය වෙනස් කරමින් ඔහුව සතුටින් තියන්න ඔහුගේ පැරණි Gran Torino  කාරය හොරකම් කරන්න පැමිණි හොරෙකුට හැකි වෙනව..ඒ වෙනස් වෙන්නෙ බොහොම සංවේදී විදියට..අවසානයේ ඇසට කදුලක් නංවන මේ චිත්‍රපටය ඇත්තටම හොදට රසවිදින්න පුලුවන් එකක්!
මම කිව්ව විස්තරේ අහල මේක බලන්න හිතුනෙ නැත්නම් මේ ටිකත් කියවන්නකො..මේ චිත්‍රපටය IMDB පෙලගැස්ම අනුව හොදම චිත්‍රපට අතුරින් 77 වන ස්ථානයෙයි තියෙන්නෙ..දැන් වත් බලනවද?

මෙන්න මෙතනින් බාගන්න!

7 Responses to Gran Torino (2008) | රළුයි,සංවේදීයි,දුකයි,බලාපං!

  1. චම්පික පවසයි:

    මම ඕක බෑව. ඒත් තාම බලන්න උන්නෑ. කොහොමත් Mr. Clint Eastwood අධ්‍යක්‍ෂණය කරපු film ඔක්කොම වාගේ අති විශිෂ්ටයි.

  2. ‍‍‍තෙපුල් පවසයි:

    බාගෙන බලන්න ඕන.
    2008 තවත් ලස්සන නිර්මාණයක් තමයි 3.10 to Yuma..
    ඒක ‍‍කෙටියෙන්ම කිව්වොත් Collectible Item එකක්….

  3. Uraj Deemantha පවසයි:

    ඔච්චර හොදයි කියන එකේ බාලම බලන්නම්කෝ………..!! උණ ගැනිලා ඉන්න නිසා ෆිල්ම් දෙක තුනක් බලා ගත්තා අද……….!! 😀

  4. රොයිලි පවසයි:

    @ uraj මටත් අසනීප උනොත් ඇරෙන්න ෆිල්ම් එකක් බලන්න වෙලාවක් ලැබෙන් නෑ මචං. නිකන් ඉන්න වෙලාවට අහකයන පරිප්පුවක් හරි set වෙනවා. අපරාදෙ කියන්න බෑ. හිහ් හිහ්…!!!!!!

  5. Gayan Sutherland පවසයි:

    menna movies niyama movie ekak manussayo gena api therum ganna widiha kochchara harida kiyana eka niyemata pennnanawa

  6. -බිன்ku- පවසයි:

    බලන්න ඕනෑ මචං, ඒත් මේ දවස් හිර වෙලා ඉන්නේ මං! 😦

  7. wanni පවසයි:

    මචන් මේක ඇත්තටම මරු……

ප්‍රතිචාරයක් ලබාදෙන්න