American Beauty (1999) | නෑ නෑ වැලක් නෙවෙයි!

american_beauty1බලමුද ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 84ක් දිනාගෙන තියෙන කතාවක්?වැඩි දෙයක් කියන්න ඕන නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක හොද එකක් කියල..එහෙනම් ඔන්න මම කියන්න කතාව කොහොම එකක්ද කියල..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ඔහු තමන්ගේ පවුලින්ම කොන් වී තමයි ජීවත් වෙන්නෙ..කාටවත් ඔහුව වැදගත් කෙනෙක් නෙවෙයි..තම බිරිද,දියණිය පවා ඔහුව ගනන් ගන්නෙ නෑ..දවසක් මොහු යනව දියණිය සහභාගී වන ක්‍රීඩා තරගයක් බලන්න..එහිදි දුවගෙ යාලුවට මොහුගෙ හිත යනව..එතැන් සිට ඇත්තටම් මොහු වෙනස් කෙනෙක් වෙනව..ව්‍යායාම කරනව,සතුටින් ඉන්නව ඒ වගේම ඇය ගැන හීන මවනව..මේ අතරතුර ප්‍රශ්ණ වලින් හිත අවුල් කරගෙන හිටපු ඔහුගේ දියණියත් ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙනව(ඒ සුවිශේෂී තරුණයෙක් සමග )..ඔහුගේ බිරිදගෙත් ජීවිත වෙනස් වෙනව..මේ ජීවිතත් ඔවුන් වටා සිටිය පිරිස ඒවට සම්බන්ද වෙන අයුරුත් තමයි කතාවෙ පෙන්නන්නෙ..ඇත්තටම මෙ ලිපියෙන් කියන්න බැරි තරම් ගැඹුරු අර්ථයක් තියෙනව චිත්‍රපටයේ..සමලිංගිකත්වය,අනියම් සබදතා,ජීවිතය රසවිදිය හැටි,ආදරය ආදි පුළුල් මාතෘකා රාශියක් මේ චිත්‍රපටයෙන් කතා වෙනව..මම නම් කියන්නෙ අනිවාර්‍යෙන් බලන්න කියලයි..

IMDB  වර්ගීකරණය අනුව ලොව හොදම චිත්‍රපට අතුරින් 36 වන ස්ථානයෙයි මේ ෆිල්ම් එක තියෙන්නෙ..එතනට ආවෙ ඇයි කියල මෙක බැලුවොත් තේරෙයි..බාගමු නේ?

මෙන්න ලින්ක් එක!

21 Responses to American Beauty (1999) | නෑ නෑ වැලක් නෙවෙයි!

  1. -බිன்ku- පවසයි:

    ඇයි අනේ ඔයා ඔව්වාම ලියන්නේ? උඹව අල්ලා ගන්නම්කෝ මචං 😉

    ඒක නෙමේ, සිරා පට්ට එකක් ඕක. බලන කෙනෙක් බලත්වා! වැරද්දක් නම් නියන්න බැරි එකක්!

  2. පොතේ ගුරා පවසයි:

    @-බිன்ku-! හික් හික්..මම මෙ දවස් වල IMDB වල හොදම ෆිල්ම් බලාගෙන යන්ව..එතකොට තමයි අහු උනෙ..(නැතුව වල් කමකට බැලුව නෙවෙයි 😛 ,දැක්කනෙ ලිපියෙ මාතෘකාව? 😉 හික්z) ,ඔව් බන් පට්ට ෆිල්ම් එක!

  3. meegodaya/saman පවසයි:

    බලමු බලමු!
    සමහර ලින්ක් අයිතිය පිළිබඳ ගැටළු නිසා ඉවත් කරල නේද ?

  4. muthunayake පවසයි:

    මම මේක බැලුවේ අවුරුදු 6 කට විතර කලින් පේරා කැම්පස් එකේ අර්ට් තියටර් එකේ දී මට එදා හිතුන හැටියට බුදුදහමේ කියවෙන ජිවිතේ අනිත්‍ය ගැන සිහිවුනා ආයත් වෙලාවක බලන්න ඔනි.

  5. පොතේ ගුරා පවසයි:

    @meegodaya/saman! එළ එළ!අනිවා බලන්න..කමෙන්ට්ස් එක්ක දාපු වෙන සයිට් වල ලින්ක් දෙකක් නම් අයින් කරන උනා බන්.. 🙂
    @muthunayake !ඔවු බන්,ෆිල්ම් එක පටන් ගන්නකොට කියන කතාවෙත් අන්තිමට පෙන්නන කතාවෙත් වැදගත් කමක් තියෙනව..ගැඹුරු දේවල් සරළව වෙන්නන රසවත් ෆිල්ම් එකක්!

  6. චම්පික පවසයි:

    මාත් මේක බලලා තියෙනවා. මෙහි සිනමා රීතිය, කැමරාකරණය වගේ දේවල් අති විශිශ්ටයි. මෙහි එන එක් විශේෂ ජවනිකාවක් මගේ මතකයේ තවමත් ඉතා හොඳින් රැඳී තිබෙනවා. ඒ සුළඟේ පාවෙන බැග් එකක වීඩියෝ ක්ලිප් එකක් සහ ඒ ගැන විස්තර කරන ආකාරය ඇති කොටසයි.

  7. නිර්නාමික පවසයි:

    හොද හොද එවා තවත් එවන්න

  8. රොයිලි පවසයි:

    ඔන්න එහෙනම් මාත් දැම්මා බාන්න.

  9. zoniczz පවසයි:

    ඔන්න එනම් අපිත් බානවෝ !!! 😀 😛

  10. ගයන්ත පවසයි:

    අපි නම් දැන් ෆිල්ම් ‘බාපු’ කාලෙ ගියා. බාපු කෙනෙක්ව අල්ලගන්න ඕනෙ 😉

  11. පොතේ ගුරා පවසයි:

    එළ! කට්ටිය බානව හිටු කියල..හික්z.. ( මේ පින්තූරෙ නිසාද මන්ද 😛 )
    @ගයන්ත! එහෙම හරි බලපන් මචන්..සිරා ෆිල්ම් එක! 🙂

  12. Uraj Deemantha පවසයි:

    ඔන්න අපි නම් බැලුවා ඕක කාලෙකට ඉස්සර……….. මම ඉතින් බාලා හිතට අල්ලන ෆිල්ම්ස් ඔක්කොම DVD වලට ගහගන්න නිසා ඕකත් ඇති…………… ඒක නෙවෙයි නරකද අයිස් ඒජ් ෆිල්ම් සෙට් එක ගැනත් දැම්මොත්………!! 😀

  13. sana පවසයි:

    ලගදි UNBREAKABLE බැලුවා, එළ කතාව මචං, අන්තිම හරියෙදි හිතාගන්න බැරි විදිහට වෙනස්වෙනවා

  14. පොතේ ගුරා පවසයි:

    @Uraj !එළ එළ..මම දාන්නම් මචන්..මැක්ස ෆිල්ම් සෙට් එක! 🙂
    @sana! ඒකෙ හොද ටොරන්ට් එකක් නෑ බන්.. 😦

  15. chinthaka පවසයි:

    ඇත්තටම මේ වගේ චිත්රපටි බාන්නෙ නැතුව ක‍ඩෙන් අරන් බලත හැකියි…. ඒක ගොඩක් වටිනව…. ඒ වගේ කඩෙන් දුවල ගිහින් අරන් බලන්න පුලුවන් චිත්රපටි ගැනත් ලියන්න….. චිත්රපටි ගැන සිංහලෙන් ලියන පොතේ ගුරාණනි මේ ඔබේ අවධාණය පිණිසයි……!! හිහ්… හිහ්…

  16. රොයිලි පවසයි:

    බාලා නම් ඉවරයි. ඒත් දැන් ප්‍රශ්නය තියෙන්නේ කොයි වෙලාවෙද බලන්නේ කියන එකයි. හිහ් හිහ්….

  17. පොතේ ගුරා පවසයි:

    @sana! එළ මචන් තෑන්ක්ස්..මම බලල දාන්නම් ලිපියක්.. 🙂
    @chinthaka ! දැන් නම් මම මේ ලියපු ඕන ෆිල්ම් එකක් කඩෙන් අරන් බලන්න පුලුවන්නෙ බන්.. 🙂
    @රොයිලි! හික් හික්..ෆ‍්රී වෙලාවක බලල කියපන්කො කොහොමද කියල..

  18. රිවස් පවසයි:

    සම්භාව්ය ගනයට වෑටෙන ෆිල්ම් එකක් .නියමයි බලන්න වටිනව නමුත් මම නම් මේකෙ sad end එකට කෑමති නෑ.ඒත් සම්භාව්ය ෆිල්ම්ස් බහුතරය එහෙමනෙ

  19. පොතේ ගුරා පවසයි:

    @රිවස්! ඒ උනාට පොරගෙ ම‍රණයෙන් පස්සෙ පෙන්නන ටික මාර ලස්සනයි බන්..කතාවෙ මුලදිම අපිට ඉගියක් දෙනවනෙ.. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න