Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

farcry1මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව පටන් ගන්නෙ..මම ඉහත කී සිද්දිය හමුදා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක්..මේ දූපතේ සිදුවන හමුදා අත්හදාබැලීම් ගැන දැනගන්න ලැබුන පත්තර වාර්ථාකාරියක් මේ ගැන හොයන්න බොට්ටුවකින් දූපතට යනව..එහිදි ඇයව අහුවෙනව..ඇය පැමිණි බොට්ටුවෙ රියදුරාටත් මේ දූපතට එන්න වෙනව..මේ දෙන්නත් හමුදාවේ නවතම නිර්මාණයත් අතර තමයි කතාව ගෙඩනැගිල තියෙන්නෙ.. Universal Soldier (1992) චිත්‍රපටයෙත් ළගදි ආව තවත් චිත්‍රපටයකත් මේ කතාව තියෙනව..එහෙනම් බාගමු නෙ?

Blaa blaa:- ඔයාල ඉස්සර ටීවී එකේ ගිය කෝනෑන් කතා මාලාව බැලුවද?ඒකෙ ප්‍රධාන චරිතය රගපාන පොරත් ඉන්නව මේකෙ..  😀

මෙන්න මෙතනින් බාගමු!

9 Responses to Far Cry (2008) | දුවනව මිසක් ගහගන්න නම් බෑ!

  1. පොතේ ගුරා පවසයි:

    @බුධාජීව! ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ මචෝ!.. 😦

  2. zoniczz පවසයි:

    සිරා ෆිල්ම් එක මචන් තෑන්ක්ස්!

  3. SUMUDU011 පවසයි:

    machoo film akanam achara hari nahe ban..anyway thanks..

  4. Uraj Deemantha පවසයි:

    එළ එළ පට්ට ෆිල්ම් එකක් පොතේ ගුරා මහතාණෙනි ඔබට මෙපමණ ෆිල්ම් බැලීමට වේලාව කොහෙන්ද………..?? 😀

  5. පොතේ ගුරා පවසයි:

    @Uraj ! ඒක රහසක් සොයුර! (ඇත්තටම කියනව නම් නිදාගන්නව අඩු කම තමයි ලොකුම හේතුව) 😀

  6. Uraj Deemantha පවසයි:

    මචන් අපිත් නිදා ගන්නේ නම් අඩුවෙන් තමා………….. ෆිල්ම්ස් බලනවාට වැඩිය එළකිරි අඩවියට (ස්පෑම් පාරක්ද මන්දා……….!! හික්ස්….. 😀 ) රිංගලා ඉන්න ලෙඩක් තියෙනවනේ මචෝ……….!! 😛

  7. පොතේ ගුරා පවසයි:

    @Uraj ! එතන ඉතින් ගෙද‍ර වගේ තැනනෙ බන්.. 🙂 😛

  8. රොයිලි පවසයි:

    @ බුධාජීව මේක ගේම් එකේ කතාව තමා මචං මම හිතන විදියට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න