My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

my-sassy-girl-usමේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ දෙන්නා අතර කතාවක් ඇති වෙන්නෙ නෑ..නමුත් එතැන ඇය සිටින්නෙ බොහොම බීමත්ව..එකපාරම ඇය සිහි නැතිව ඇදගෙන වැටෙනව..අමුතුයි නේ?ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නෙ..මේ තරුණියගෙ අමුතු ගති පැවතුම් නිසාම මේකත් වෙනස් චිත්‍රපටයක් වෙලා තියෙනව..පසු කාලීනව මේ දෙන්න අතරෙ ඇති වෙන්නෙත් අමුතු විදියේ පොරොන්දු..ඒ වගෙම මේ කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙති වෙනස් විදියකට..වෙනස් විදියක ආදර කතාවක් බලන්න ඕන නම් ලින්ක් එක පහළ ඇති.. 🙂

මෙන්න මෙතනින් බාගමු!

8 Responses to My Sassy Girl (2008) | වෙනස් ආදර කතාවක්!

  1. zonicz පවසයි:

    එල එල එනම් මෙකත් බලම බලමුකො…

  2. බුධාජීව පවසයි:

    ඔයාට බැරිද චිත්‍රපටි ගැන හැඳින්වීම ගිහිං සතියකට විතර පස්සෙ ඒ ගැන විචාරයක් ලියල දාන්න ? හඳුන්වා දීමටත් වඩා විචාරයක් ලියන්න හැකියාවක් තියේනම් චිත්‍රපටයේ කියවෙන කතාව ගැන සංවාද කරන්න අපට අවස්ථාවක් සැලසේවි. වෙලාව තමයි ගැටළුව නේ ද ?

  3. පොතේ ගුරා පවසයි:

    @zonicz !එළ එළ මචං..
    @බුධාජීව! එළ මචං..වටින අදහසක්..Maxxa1 යටතෙ තියන ෆිල්ම් වලට නම් විචාර දාන්න පුලුවන්..ඔන්න මම poll එකක් දැම්ම,කට්ටිය කැමති නම් වැඩේ පටන් ගමු! 🙂

  4. -බිன்ku- පවසයි:

    ඇඩෙන එකක් නම් එච්චරයි! 🙂 නලවන එව්වා නම් ඕන නෑ

  5. Angel Anu පවසයි:

    මේ ෆිල්ම් එකනම් කියලා වැඩක්‌ නෑ, මාරම ලස්‌සනයි… අද තමයි බලන්න හම්බ උනේ… වෙනස්‌ තාලෙක ලස්‌සන ආදර කතාවක්‌, හරිම හැගීම්බරයි… ගොඩාක්‌ ස්‌තූතියි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්‌ එකක්‌ දුන්නට… 🙂

  6. dj Yohan පවසයි:

    හොද කථාවක් වගේ හොයාගෙන බලන්න ඔන, පොතේ ගුරාට බොහොම ස්තූති.

  7. මලේකා පවසයි:

    ලස්සන කතාවක්. 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න