Wanted (2008) | උපරිමයි!

wanted

මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..

මෙන්න මෙතනින් බාගමු!

13 Responses to Wanted (2008) | උපරිමයි!

  1. ech පවසයි:

    මේක මම බලල තියෙනවා. කතාව ලොකු පටලැවිල්ලක් වුණාට අවසානයේ හොඳ පැහැදිලිකිරීමක් ලැබෙනවා. මේකෙ තියෙනවා උණ්ඩය කෙලින් නොයා රවුමට යවන ක්‍රමයකුත් ඉගෙනගන්නවානම් 😛

  2. පොතේ ගුරා පවසයි:

    ඔවු ඔවු,ඇත්තටම කතාව ගති..ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!

  3. -බිன்ku- පවසයි:

    “ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!”

    එහෙම ඉගෙන ගත්තේ නැති ඒක හොද තියෙනවා. කියන්න ඕන නෑනේ මේ ලංකා‍වේ හැටි 😉

  4. පවසයි:

    ෆිල්ම් එක එළ, වැඩිය තේරුනේ නැතත්

  5. පොතේ ගුරා පවසයි:

    @-බිன்ku-!හික් හික්..ඒකත් ඇත්ත තමයි..

    @ම! Metrix වගේම තමයි බන්..එකපාරින් තේරෙනව අඩුයි..ඒත් ගති කතාවක් තියෙන්නෙ..

  6. zonoczz පවසයි:

    සිරා කතාව බන්…මම බලල තියෙනව…කම්මෑලි නතුව බලුවෑකි..

  7. c4 පවසයි:

    මචන් ලින්ක් එක වැඩ නැ පොඩ්ඩක් බලනවාද?

  8. පොතේ ගුරා පවසයි:

    @c4! ඔන්න මචන් ලින්ක් එක හැදුව…දැන් බාගන්න.. 🙂

  9. c4 පවසයි:

    හරි මචන් දැන්ම බානවා මෙක වැඩ කරේ නැති නිසා මම ඔය නම ගහලා සර්ච් කරලා එකක් බැවා බගා බලන කොට උබ කියන කතාව නෙවෙ නමත් හරි එත් පොඩ්ඩන් ආය නම බැලුවා අඩෝ එක Hero.Wanted.2008 කියලා එකක් පස්සේ හිත හදාගන එක බැලුවා එකත් නරක නැ බන්(පෙරලුන පිට හොදා)

  10. පොතේ ගුරා පවසයි:

    @c4 ! අහ් ඔවු මචන් ඒකත් ගති..අර ළමයෙක්ව බේරගන්න කලු ජාතිකයගෙ කතාව නෙ..ලියන්න ඕන ඒ ගැනත්…මේකත් බලපන්!

  11. ගල්ලේ බඩා පවසයි:

    වරදක් නැ ඉවරවෙනකම් බලන් ඉන්න පුලුවන් – ගල්ලේ බඩා

  12. රොයිලි පවසයි:

    ෆිල්ම් එකනම් එළ, අන්තිමේදි කතාව වෙනස් වෙනවා නේද මචං

  13. පොතේ ගුරා පවසයි:

    @ගල්ලේ බඩා! 😀
    @රොයිලි! ඔවු බන්..නොහිතන විදියට වෙනස් වෙනව…ෆිල්ම් එක එළ!

ප්‍රතිචාරයක් ලබාදෙන්න