Doomsday (2008) | භයානකයි

50965115

ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි වෙනව..ඒ නිසා එකම විසදුම හැටියට ආසාදනය වූවන් වෙන් කරල සුවිශාල වානේ තාප්පයක් බදිනව..මින් මුලු බ්‍රිතාන්‍යයම දෙකට වෙන් වෙනව..මේ තාප්පයෙන් දෙපැත්තෙ කිසිම ගනුදෙනුවක් සිදුවෙන්නෙ නෑ..දැන් 2035 වර්ෂය,රෝගී පිරිස පිරින පැත්තෙන් ජීවයක් ඇති බවට කිසිම සලකුණක් නෑ..එක් දිනකදී නිරෝගී පිරිස සිටින පැත්තේ එක් පෙදෙසක මේ වයිරසය පැතිරි ඇති බව දැනගන්න ලැබෙනව නගරයේ ඉහළ නිළයන් දරණ පිරිසට..මේ අතරතුර කෙනෙක් හෙළි කරනව රෝගීන් කොටු කල පැත්තේ මිනිසුන් ජීවත් වෙන බවට චන්ද්‍රිකා චායාරූප ඇති බව..පසුව කණ්ඩායමක් යවනව ඒ පැත්තේ සිටින වයිරසයට ඔරොත්තු දෙන මිනිසුන්ගේ ලේ සාම්පලයක් ගේන්න..මේ කණ්ඩායමෙ නායිකාව වටා තමයි මෙතැන් සිට කතාව ගොඩනැගෙන්නෙ..තාප්පය එහා පැත්තෙ මිනිසුන් කොතරමි දරුණුද කියල ඔයාලට හිතාගන්නවත් අමාරු වෙයි..බලන්නකො කතාව..එළම තමයි..

මෙන්න ලින්ක් එක!

10 Responses to Doomsday (2008) | භයානකයි

  1. පිටස්තරයා පවසයි:

    Out of f***ing service!!! මචන්!!! ..

    එළ ෆිල්ම් එක.

    සුභ අලුත් අවුරුද්දක් වෙවා!

  2. පොතේ ගුරා පවසයි:

    @පිටස්තරයා! :S උඹටත් එසේම වේවා මචං!

  3. උන්මත්තක පවසයි:

    ඇත්තටම වැඩියෙන් දරුණු ඇතුලේ හිටිය අයද. එළියේ හිටපු අයද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඇතුලත සෙලවෙන හැමදේටම වෙඩි තියන්න තුවක්කු ඇටෙව්වේ කව්ද?. කුහුඹුවෝ මරන්නවගේ වෙඩිතියාගෙන වෙඩි තියා‍ගෙන ගියේ කව්ද?

  4. උන්මත්තක පවසයි:

    අමතක උනානේ එලකිරිස් වගේ ෆිල්ම් බලන්න පුළුහං සුභ නව වසරක් වේවා පොතේ ගුරෝ.

  5. රන්දික පවසයි:

    මෙහි ඉතා සිත් ඇදගන්නා සුළු දෙබස් ඛන්ඩයක් කතා නායිකාවගේ කටින් පිටවෙනවා. ඒ දෙබසින් ගොඩාක් ගැඹුරු කතාන්තරයක් කියවෙන බවයි මට හිතෙන්නේ.

    ” I’ll tell you what i have lost. I have lost my bloody mind.”

  6. පොතේ ගුරා පවසයි:

    @උන්මත්තක!උඹටත් එසේම වේවා මචෝ!!
    @රන්දික!සම්පූර්ණයෙන් එකගයි ඔබ සමග!

  7. Chamitha පවසයි:

    ඇක්ෂන් වැඩියි… නමුත් වරදක් නෑ

  8. මසාච්චි පවසයි:

    හොඳ ෆිල්ම් එක

  9. ගල්ලේ බඩා පවසයි:

    බලපු හොද ෆිල්ම් එකක් – ගල්ලේ බඩා

ප්‍රතිචාරයක් ලබාදෙන්න